අඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පය; කකුල.
2. නා. පා සටහන.
3. නා. පියවර; පය උස්සා තබන දුර ප්‍රමාණය.
4. නා. (භාජනයක) පතුළ; පල්ල.
5. නා. මුල් කොන; මුල් කෙළවර.
6. නා. යමක් දරා සිටින සේ සාදන ලද ආධාරකය.
7. නා. තරාතිරම; තත්ත්වය.
8. නා. අඟල් දොළහක් දිග මිනුම් ප්‍රමාණය.
9. නා. වරකට බොන මත්පැන් ප්‍රමාණය; පානය පිණිස වත් කරගත් සුරා කොටස.
10. නා. සින්දුවක පද්‍යයක පාදය.
11. නා. චීන අඩි සටන් ක්‍රමයට අත් පා ආදියෙන් දෙන පහර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. base
2. Civ. boot
3. n. bottom
4. n. dado
5. n. foot
6. n. heel
7. Civ. limb
8. n. pace
9. n. sole
10. n. step
11. n. swig
12. n. track
13. n. tread