සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 42
අඩාළ
වි. අඩක් ඉතුරු වූ; අවසාන නොවූ; අසම්පූර්ණ.
අඩාළ කරනවා
ක්‍රි. (කෙරීගෙන යන කටයුත්තක්) අඩපණ කරනවා; බාධා කර වළක්වනවා; සම්පූර්ණ කිරීමට ඇති මං අසුරනවා.
අඩාළ පොහොය
නා. එක් රැයක් හෝ එක් දවාලක් හෝ පමණක් රකින පෙහෙවස; අඩ පෙහෙවස; අර්ධ උපෝසථය.
අඩැස
නා. අඩක් පිය වූ ඇස.
අඩැසි බැල්ම
නා. අඩ බැල්ම.
අඩි කුරය
(කථා.) නා. ගවයන්ගේ කුර සටහන.
අඩි කොළය
නා. පැළයක මුල් කොළය; පළමුවෙන් ඇදුණු පත්‍රය.
අඩි කෝඩය
1. නා. කලබලය; නොසන්සුන්කම.
2. නා. විගඩම; කෝලම; විහිළුව.
3. නා. අමනුෂ්‍ය ශබ්දය.
4. නා. කුණාටුව; සුළි සුළඟ.
අඩි කෝදුව
නා. දිග මැනීමේ උපකරණයක්; අඩියක් හෙවත් අඟල් දොළහක් දිග ඇති මිම්ම.
අඩි පට්ටලය
(කථා.) නා. ලෝහ තහඩු ආදිය තබා තළන කිණිහිර.
අඩි පල්ල
1. නා. පයේ යටි පැත්ත; යටි පල්ල; යටිපතුල.
2. නා. වළඳේ පතුල; බඳුනක අඩිය.
3. නා. වළඳ පතුලේ ඇලී පවතින කෑම.
4. නා. කමතේ දැමූ කුඩා ගොයම් කොළ කැටිය; පාවර පල්ල.
අඩි පාර
1. නා. පයින් ගමන් කිරීම නිසා ඇති වූ පාර; පයින් පමණක් යා හැකි පටු මාර්ගය.
2. නා. කිසිවකුගේ පා සලකුණ.
3. නා. යම් පුද්ගලයකු ජීවිතය ගෙවූ පිළිවෙළ.
අඩි පෙට්ටිය
(කථා.) නා. කකුල් සවි කර ඇති පෙට්ටිය.
අඩි මඩක්කුව
(කථා.) නා. අඩිය ඇති මැටි කෝප්පය; අඩි සහිත වූ කට පළල් මැටි භාජනය.
අඩි මාත්‍රය
(කථා.) නා. නැටුමට පෙරාතුව ඒ මාත්‍රයට කියන කවි පදය; අඩව්වට පළමු ව පද තාලයට කරන ගමන.
අඩි හප්පනවා
(කථා.) ක්‍රි. (තරහ පෙන්වීම වශයෙන්) (කෝපය ප්‍රකාශ කිරීමේ දී) වැරෙන් පය බිම හප්පනවා; වේගයෙන් අඩිය බිම ගසනවා.
අඩිංචිය
(කථා.) නා. ලීයක් ඉරා කපා ඉතුරුවන කොට කැබැල්ල; ඉරන ලද ලීයේ ඉතුරු කොටස.
අඩිතාලම
1. නා. ගොඩනැගිලි තැනීමට බඳින මුල් බැම්ම; අත්තිවාරම.
2. නා. යම් කාර්යයක මුල් පියවර.
අඩිපලු බෝය
නා. (කමත්.) ගොයම් කොළයක් එකතු කරන විට දමන මුල් ගොයම් පිඩ; කමතේ කොළ කැටිය සෑදීමේ දී දමන මුල් උප්පිඩ.
අඩිය
1. නා. පය; කකුල.
2. නා. පා සටහන.
3. නා. පියවර; පය උස්සා තබන දුර ප්‍රමාණය.
4. නා. (භාජනයක) පතුළ; පල්ල.
5. නා. මුල් කොන; මුල් කෙළවර.
6. නා. යමක් දරා සිටින සේ සාදන ලද ආධාරකය.
7. නා. තරාතිරම; තත්ත්වය.
8. නා. අඟල් දොළහක් දිග මිනුම් ප්‍රමාණය.
9. නා. වරකට බොන මත්පැන් ප්‍රමාණය; පානය පිණිස වත් කරගත් සුරා කොටස.
10. නා. සින්දුවක පද්‍යයක පාදය.
11. නා. චීන අඩි සටන් ක්‍රමයට අත් පා ආදියෙන් දෙන පහර.
අඩිය අල්ලනවා
(කථා.) ක්‍රි. (ලිප තැබූ ව්‍යඤ්ජන ආදි බඳුන්) කර වෙනවා; රොස් වෙනවා.
අඩිවට්ටම
(කථා.) නා. නැට්ටුවකු පදය අනුව නටන්නට පෙර යන වට ගමන; නැටුමට පළමු පා තබමින් යන වටය.
අඩු
1. වි. හිඟ; මදි; පාඩු; ඌන.
2. වි. කුඩා; සුළු; කෙටි; ලුහුඬු.
3. වි. අසම්පූර්ණ; ඛණ්ඩ.
4. වි. බාල; මිලයෙන් පහත්; වටිනාකමින් හීන; අගයෙන් නොවැඩි.
5. (කථා.) වි. පහත්; හීන; නීච.
අඩු කිරීම
(පාරිභා.) නා. (ගණිත.) දී ඇති විශාල අගයකින් ඊට වඩා කුඩා අගයක් ඉවත් කිරීම (=deduction).