අඩුක්කුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. උයා පිළියෙල කළ කෑම; පිසින ලද ආහාරය.
2. නා. යම් ගෙදරකින් තව ගෙදරකට තෑගි වශයෙන් ගෙන යන කෑම.
3. නා. උසස් රදළවරුන් සඳහා පිළියෙල කළ භෝජනය.
4. නා. දෙවියන්ට පුද පිණිස ද යකුන්ට දොළ පිණිස ද සකස් කළ භෝජනය.
5. නා. කෑම භාජන එක එක තබා සෑදූ ඒකකය; කෑම වළන් අසුරා බැඳගත් කද; දන්කද.
6. නා. ඇතැම් භාණ්ඩ පිළිවෙළට එක මත එක තබා සකස් කර ගැනෙන ඒකකය.