අතුර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මැද්ද; මධ්යය; අභ්යන්තරය.
2. නා.ප්ර. අතරතුර කාලය.
3. නා.ප්ර. ඉඩ; අවකාශය.
4. නා.ප්ර. තොරතුර; පුවත.
5. නා.ප්ර. ගසින් ගසට මාරු වී යෑම පිණිස ඒවා ඉහළින් ඈඳා සෑදූ රැහැන් මග.
6. නා.ප්ර. කුඹුරක එක් වරකට හෑ යුතු කොටස වෙන් කර ගැනීම පිණිස පළමුවෙන් ගසන හීවිට; සී සෑම පිණිස හී විටක් ගසා කුඹුරක වෙන් කර ගන්නා තීරුව.
7. නා.ප්ර. අනතුර; අන්තරාය; උපද්රවය; ආපදාව
8. නා.ප්ර. ඇතිරිල්ල; ආස්තරණය; ඇතිරිය.