අද්දණ්ඩ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අතෙහි මැණි කටුවත් වැළමිටත් අතර කොටස; අත්ගොබය.
2. නා. අතෙහි වැළමිටත් උරහිසත් අතර කොටස.
3. නා. වෑ පොරෝ ආදියෙහි මිට.
4. නා. තරාදියෙහි දණ්ඩ, තුලා දණ්ඩ
5. නා. ආසනයක අත තබා ගන්නා ඇ; අත් ඇන්ද.
6. නා. හැරමිටිය; සැරයටිය.
7. නා. රෙදි වියන යන්ත්රයෙහි අවයවයක්.
8. (කමත්.) නා. ගොයම් මැඩීමේ දී අල්ලා ගෙන සිටීම සඳහා හරහට බඳින ලීය.