අන්තරඞ්ග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඇතුළත්හි වූ; අභ්‍යන්තර; තමා පිළිබඳ
2. (ව්‍යාක.) වි. ශබ්දයක ප්‍රකෘතිය හෝ ප්‍රධානාංගය හෝ පිළිබඳ වූ.
1. නා.ප්‍ර. පදයක ඇතුළු අවයවය; ප්‍රකෘතිය.
2. (පාරිභා.) (සත්ව.) නා.ප්‍ර. උරකුහරය හෝ උදරකුහරය හෝ තුළ පිහිටි අවයවය (=viscus / viscera).
3. නා.ප්‍ර. ගාත්‍රයක ඇතුළු පැත්තේ ඇති ප්‍රසරය (=endite).