සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 86
අන්තර භක්තය
නා. හීල් දානය හා දවල් දානය අතර කාලය; පෙරවරු කාලය.
අන්තර භිත්තිය
(පාරිභා.) නා. උදර කුහරයෙන් උර කුහරය වෙන් කරන මස් පිඬුව; මහාප්රාචීරය.
අන්තර භෝගය
නා. රජුන් දෙදෙනකු යටතේ පාලනය වන දෙරටක් අතර පිහිටි භූමිභාගය.
අන්තර මකරන්ද මිශ්රණය
(පාරිභා.) නා. මල් එකිනෙක අතර පරාග සංයෝග වීම; පරපරාගණය (=cross pollination).
අන්තර මස්තිෂ්කය
(පාරිභා.) නා. (සත්ව.) පෘෂ්ඨවංශීන්ගේ මස්තිෂ්ක අර්ධගෝල, මධ්ය මස්තිෂ්කයට සම්බන්ධ කරන පූර්ව මස්තිෂ්කයේ අපර කොටස (=diencephalon).
අන්තරංග
1. වි. ඇතුළත්හි වූ; අභ්යන්තර; තමා පිළිබඳ
2. (ව්යාක.) වි. ශබ්දයක ප්රකෘතිය හෝ ප්රධානාංගය හෝ පිළිබඳ වූ.
1. නා.ප්ර. පදයක ඇතුළු අවයවය; ප්රකෘතිය.
2. (පාරිභා.) (සත්ව.) නා.ප්ර. උරකුහරය හෝ උදරකුහරය හෝ තුළ පිහිටි අවයවය (=viscus / viscera).
3. නා.ප්ර. ගාත්රයක ඇතුළු පැත්තේ ඇති ප්රසරය (=endite).
අන්තරගණ්ඨි
නා.ප්ර. බඩවැල ගැට ගැසීමේ ආබාධය.
අන්තරග්නිය
නා. ජඨරාග්නිය; බඩගින්න.
අන්තරතර
වි. අනික්; අන්ය වූ; අන්යතර.
අන්තරධාන
1. නා.ප්ර. පියන; වැස්ම.
2. නා.ප්ර. නොපෙනී යෑම; අතුරුදන්වීම; දුරුවීම; පහවීම.
අන්තරන්තරයෙහි
1. ක්රි.වි. අතරතුර; අතුරෙහි; තැනින් තැන.
2. ක්රි.වි. වරින් වර; නැවත නැවත.
අන්තරර්ථය
[අන්තර් + අර්ථය]
නා. ඇතුළත සැඟවුණු අර්ථය; අභ්යන්තර අර්ථය; බාහ්යාර්ථය යන්නට විරුද්ධාර්ථය.
අන්තරවලෝකනය
(පාරිභා.) නා. (දර්ශන.) තමා දෙස, තම සිතේ ස්වභාවය හා එහි ක්රියාකාරීත්වය දෙස බැලීම; අන්තරාවලෝකය (=introspection).
අන්තරවාසකය
නා. භික්ෂූන්ගේ තුන් සිවුරෙන් එකක්; අඳනය.
අන්තරවෘද්ධි
නා.ප්ර. අතුණු බහන ඉරී බඩවැල පහත් වී ගැටයක් මෙන් ඉකිළියෙහි සිටීමෙන් හෝ අණ්ඩකෝෂයට බැසීමෙන් හෝ හටගන්නා රෝගය.
අන්තරස්ථ
1. වි. අන්තර්භූත; අන්තර්ගත.
2. (පාරිභා.) වි. අභ්යන්තරස්ථ; ඇතුළත්; ඇතුළෙහි පිහිටි (=intrinsic).
3. (පාරිභා.) (උද්භි.) වි. අනෙක් දේවල් අතර පෙළට පිහිටි; කඳක හෝ සූත්රිකාවක හෝ යම් ස්ථානයක පිහිටි (=intercalary).
4. (සත්ව.) වි. එකතු කළ; ඇතුළු කළ (=intercalated).
අන්තරස්ථතාව
(පාරිභා.) නා. (දර්ශන.) බුද්ධිමත් හා මැවුම්කාර මූලධර්මයක් විශ්වය විනිවිද ඇතැයි විශ්වාස කිරීම(=immanence).
අන්තරහිත
වි. සැඟවුණු; නොපෙනී ගිය; අතුරුදන් වූ.
අන්තර්
අව්ය. ඇතුළු; අභ්යන්තරික; අතර; අන්තර.
අන්තර් අණුක අවකාශය
(පාරිභා.) නා. (රසා.) අණු අතර වූ ඉඩ (=intermolecular space).
අන්තර් ගර්භය
නා. ඇතුළු ගැබ; ඇතුළු කාමරය.
අන්තර් ග්රහණය
1. නා. ඇතුළත් කර ගැනීම; සංගෘහිත කිරීම.
2. (පාරිභා.) (ආර්ථි.) නා. උරා ගැනීම; ශෝෂණය; දිරවීම (=absorption).
3. (දර්ශන.) නා. වාස්තවික සාරධර්ම ලෝකය තමාගේ ම හරය හා සංයෝජනය කොට සත්භාවය අවබෝධ කර ගැනීම (=introception).
4. (සත්ව.) නා. අධිග්රහණය (=ingestion).
අන්තර් ගෘහය
නා. ගෙයි ඇතුළත; ඇතුළු ගෙය; ඇතුළු කාමරය.
අන්තර් ගෝලය
(පාරිභා.) නා. (භූගෝ.) පෘථිවියේ බාහිර කබොල්ලට හෙවත් ශිලාගෝලයට යටින් පිහිටා තිබෙන කොටස; ගුරු මණ්ඩලය; මධ්යගෝලය (=bathysphere).