සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 87
අන්තර් චෝද්යය
නා. සිත තුළ උපදින විමර්ශනාත්මක ප්රශ්නය.
අන්තර් ජඨරය
නා. ආහාර බොක්ක; ආමාශය.
අන්තර් ජන්තු
(පාරිභා.) වි. (උද්භි.) සතකු තුළ ජීවත් වන; සතකු විසින ආහාරයට ගෙන නිරුපද්රිතව පහකිරීමෙන් බීජ ව්යාප්ත වන (=endozoic).
අන්තර් දශාව
නා. (ජ්යෝති.) මහදශාවක් තුළ ඇති වන අතුරු දශාව.
අන්තර් දිශාංශය
නා. කොම්පාසුවේ හෙවත් මාලිමාවේ මූලික දිශාංශයන් අතර වූ දිශාංශය.
අන්තර් දේව විඥානයා
නා. යෝගී ක්රමයකින් හෝ විඥානයෙන් දෙවියන් ගැන දැන ගන්නා තැනැත්තා; පරම විඥානාර්ථවාදියා.
අන්තර් නිගූඪ
වි. ඇතුළත සැඟවුණු; ගුප්ත; රහස්.
අන්තර් නිධ්යානය
නා. ඇතුළත දැවීම; ඇතුළතින් කල්පනා කිරීම.
අන්තර් නිමිත්ත
නා. සිත තුළ වූ අරමුණ.
අන්තර් නිවිෂ්ට
වි. ඇතුළට පිවිසුණු; ඇතුළට ගිය.
අන්තර් නිවේශනය
(පාරිභා.) නා. (ගණිත.) ශ්රේණියක මධ්ය පදයක් ඇතුළු කිරීම (=interpolation).
අන්තර් නිශ්රිත
වි. ඇතුළත සිටි; ඇතුළත ආශ්රය කළ.
අන්තර් භවන
නා. ඇතුළු ගෙය; ඇතුළු කාමරය; ඇතුළු ගැබ.
අන්තර් මෝසම්
වි. එක් මෝසම් සුළඟක අවසානයත් ඊළග මෝසම් සුළගේ ආරම්භයත් අතර වූ
අන්තර් මෝසම් වර්ෂාව
(පාරිභා.) නා. අන්තර් මෝසම් කාලයෙහි ඇති වන වර්ෂාව (=inter monsoonal rain).
අන්තර් යෝගය
(පාරිභා.) නා. (උද්භි.) එක ම ශාකයේ මල් දෙකක් අතර සිදුවන පරාගණය; සහෝදර ඡායා ජන්මාණු දෙකක් සංයෝජනය වීම (=endogamy).
අන්තර් රික්තය
(පාරිභා.) නා. අභ්යන්තරාවකාශය.
අන්තර් වස්තු
(පාරිභා.) නා.බහු. ඇතුළත් දේ; අන්තර්ගත කරුණු (=contents).
අන්තර් විනිමය
(පාරිභා.) නා.ප්ර. අන්යෝන්ය (මුදල්) හුවමාරුව.
අන්තර් වෘත්තය
(පාරිභා.) නා. ත්රිකෝණයක ඇතුළත එහි භූජයන්ට ස්පර්ශ වන සේ අඳිනු ලබන වෘත්තය; අන්තඃ වෘත්තය (=inscribed circle, in circle).
අන්තර් වෘද්ධ
වි. ඇතුළෙන් වැවී එන.
අන්තර් හෘත්කෝෂික ආවාරය
(පාරිභා.) නා. හෘත්කෝෂිකා අතර පවතිමින් ඒවා දෙකකට වෙන් කරන්නා වූ ප්රාචීරය (=interventricular septum).
අන්තර්ගත
වි. ඇතුළත්; අඩංගු; සංයුක්ත.
අන්තර්ගතික
1. වි. සිත ඇතුළට ගමන් ගන්නා; චිත්තාභ්යන්තරයට ගමන් ගන්නා; බහිර්ගතික යන්නට විරු.
2. වි. ආභ්යන්තරික; අලෞකික.