සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 88
අන්තර්ගම්ය
වි. ඇතුළට යන; කාවදින; පසාරු කළ හැකි.
අන්තර්ගූඪ
වි. ඇතුළත සැගවුණු; රහස්.
අන්තර්ජටා
නා.ප්ර. ඇතුළත අවුල; තණ්හාව සම්බන්ධයෙන් කියනු ලැබේ.
අන්තර්ජන්ය
1. වි. එකම කුල පරම්පරාවෙන් හටගත්; එක ම වර්ගයෙන් හටගත්; අන්තර්ජාත.
2. (පාරිභා.) (උද්භි.) වි. ශාකයක අන්ය අවයවයක් තුළ හටගත් (=endogenous).
3. (සත්ව.) වි. ධාරකයා තුළ බීජාණු සාධනය සිදුවන ස්පොරාසොවාවන් පිළිබඳ; පටක සෑදෙන පරිවෘත්තියට සම්බන්ධ (=endogenous).
අන්තර්ජාත
වි. අභ්යන්තරයෙහි උපන්; සහජ; ජන්ම.
අන්තර්ජාතික
වි. ජාතීන් අතර පවත්නා; ජාතීන් අතර වන.
අන්තර්ජාතික දාතම රේඛාව
(පාරිභා.) නා. ජාතීන් විසින් සම්මත කර ගන්නා ලද දාතම රේඛාව; සම්මත දින රේඛාව (=international date line).
අන්තර්ජාතික වෙළෙඳාම
නා. ජාතීන් හෝ රටවල් අතර කෙරෙන වෙළෙඳාම; ජාත්යන්තර වෙළඳාම.
අන්තර්ජාලය
නා. දත්තමය, රූපමය හා ශබ්දමය තොරතුරු ක්ෂණිකව හා එකවර සන්නිවේදනය කරගත හැකි වන සේ ජාත්යන්තර වශයෙන් ක්රියාත්මක වන පරිගණකමය ජාලය (=lnternet).
අන්තර්ඥානය
නා. සහජයෙන් ලත් නුවණ; ප්රතිභානය.
අන්තර්දාහය
නා.ප්ර. ශරීර අභ්යන්තරයෙහි ඇති වන දාහය; දැවිල්ල.
අන්තර්දේශීය
වි. රට මැද වූ; දේශාභ්යන්තරික.
අන්තර්දේහය
(පාරිභා.) නා. (සත්ව.) න්යෂ්ටි දේහය; වර්ණදේහය (=endosome).
අන්තර්ධානය
නා. නොපෙනී යෑම; අතුරුදහන් වීම; නැති වී යෑම.
අන්තර්ධාපිත
වි. අන්තර්ධාන කරන ලද; අතුරුදහන් කළ.
අන්තර්ධූප කරනවා
ක්රි. ඇතුළත දුම් පිටට නොයන ලෙස සැළියක මැටි බැඳ කට අහුරා බෙහෙත් වර්ග දවා ගන්නවා.
අන්තර්භාව
නා.ප්ර. ඇතුළත් වීම.
අන්තර්භූතාර්ථය
[අන්තර්භූත + අර්ථය]
නා. අභ්යන්තරගත අර්ථය; ඇතුළත අදහස.
අන්තර්භෞම
වි. පොළොව තුළ පිහිටි.
අන්තර්භෞම ශ්මශානය
නා. පොළොව යට පිහිටි සොහොන.
අන්තර්භෞමාගාරය
නා. පොළොව තුළ පිහිටි ශාලාව හෝ ගුහාව; බිම්ගෙය.
අන්තර්මධ්ය
වි. අතරමැදි වූ; අන්තර්සයෝග (=intermediate).
අන්තර්මධ්යම
වි. මධ්යස්ථිත; අතරතුර වූ; මූලික හා අවසාන තත්ත්වයන් අතර මැද වූ.
අන්තර්මන්යා ශිරාව
(පාරිභා.) නා. කපාලයෙන් ලේ ගෙන යෑම සඳහා බෙල්ලෙහි පිහිටි මහා ශිරාව (=internal jugular vein).