සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 89
අන්තර්මනෝහර
වි. ඇතුළු සිත පිනවන; අභ්යන්තර චිත්තය ඇදගන්නාසුලු.
අන්තර්මුඛ
(පාරිභා.) වි. (උද්භි.) ඇතූඵ පැත්තට නැමුණු; අන්තරාවර්තී; අභ්යන්තරාවනත (=introrse).
නා.ප්ර. ශල්යකර්මවල දී භාවිත වන ඇතුළු පැත්තෙහි විවරයක් සහිත කතුරු විශේෂයක්.
අන්තර්යාකෘතික
(පාරිභා.) වි. යකෘතය හෙවත් අක්මාව තුළ වූ.
අන්තර්යාමනය
නා. අභ්යන්තර ගතවීම; ඇතුළත මෙහෙයවීම; (පරමාත්මයා හෙවත් පරමේශ්වරයා) සෑම ජීව දේහයකම හෘදය දේශයෙහි අභ්යන්තරව අනුප්රවිෂ්ට වීම.
අන්තර්යාමි
වි. ආධ්යාත්මික හැඟීම් පාලනය කරන; ඇතුළත ක්රියාවන් හෙවත් චිත්තාභ්යන්තර ගති මෙහෙයවන.
අන්තර්රාෂ්ට්රීය
වි. නොයෙක් රටවල් අතර පවත්නා; අන්තර් ජාතික.
අන්තර්ලම්බ කෝණය
(පාරිභා.) නා. සෘජුකෝණයකට අඩු වූ කෝණය; සුළු කෝණය.
අන්තර්ලිඛිත
(පාරිභා.) වි. ඇතුළත නොහොත් අතර සටහන් කරන ලද (=inscribed).
අන්තර්ලිඛිත වෘත්තය
(පාරිභා.) නා. යම්කිසි රූපයක් ඇතුළත එහි පරිධියෙහි හෝ පරිවරණයෙහි හෝ ඇතැම් ලක්ෂ්යයන්හි ස්පර්ශ වන පරිදි අඳින ලද වෘත්තය; අන්තර්වෘත්තය (=inscribed circle).
අන්තර්ලිඞ්ග
1. වි.ලෝකෝත්පත්තියට හේතු වූ ශක්තියෙන් යුත්.
2. (පාරිභා.) (සත්ව.) වි. ස්ත්රී පුරුෂ ලක්ෂණ දෙකට ම අතරමැදි ලක්ෂණ පෙන්වන (=intersex).
අන්තර්ලීන
වි. ඇතුළත සැඟවුණු; අදහස් කරන; සිතෙහි තිබෙන.
අන්තර්ලේඛා
නා.ප්ර. අභ්යන්තර රේඛාව.
අන්තර්වර්තනය
(පාරිභා.)
1. නා. (වෛද්ය.) අවයවයක් කණපිට පෙරළීම (=introversion).
2. නා. බාහිර ලෝකය ගැන නොව තමා ගැන වැඩියෙන් වෙහෙසීම (=introversion).
අන්තර්වර්ති සීමිත සන්නිවේදනය
(පාරිභා.) නා. සන්නිවේදනයේ දී නිශ්චිත සත්ත්ව සමූහයකට සීමා වූ සංඥා ශබ්දාදි නිවේදන විධිය (=intraspecific communication).
අන්තර්වර්තී
වි. අතරෙහි පවත්නා වූ; අතර වූ.
අන්තර්වසා
(පාරිභා.) නා.ප්ර. කර්ණේන්ද්රිය තුළ වූ පටලමය ගහනයෙහි ඇති ද්රවය; අන්තර්ද්රව; කර්ණාන්ත ජල; අන්තර්ලසිකා (=endolymph).
අන්තර්වාණය
නා. අභ්යන්තරගත තෘෂ්ණාව.
අන්තර්වාහී
1. (පාරිභා.) වි. ඇතුළට වහනය කරන; ඇතුළට ගෙන එන; අභිවාහී (=afferent).
2. වි. ඇතුළත ගලායන.
අන්තර්විවාහ
නා.ප්ර. තමන්ගේ ජාතියේ නොවන අය සමග කෙරෙන විවාහය; විජාතීය විවාහය (=inter marriage).
අන්තර්විෂ්ට
වි. ඇතුළට පිවිසුණ; ඇතුළත්හි වූ.
අන්තර්විසරණය
(පාරිභා.) නා. වායුවල හෝ ඝනවල හෝ ඇති වන අන්යෝන්ය විසරණය (=interdiffusion).
අන්තර්ශ්ශිරා
(පාරිභා.) වි. ශිරාවක් තුළ පිහිටි හෝ ශිරාවකට ඇතුළු කරන ලද (=intravenous).
අන්තර්හිත
වි. ඇතුළත තබන ලද; සැඟවුණු; නොපෙනී ගිය; ගුප්ත.
අන්තරා පරිනිබ්බායී
නා.ප්ර. පඤ්ච සුද්ධාවාස බ්රහ්ම ලෝකයෙහි තැනක ඉපිද මැද ආයුෂයට පැමිණීමට පෙර හෝ පැමිණ හෝ අර්හත්වය ලබන අනාගාමී ආර්ය පුද්ගලයා.