සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 90
අන්තරා මරණය
නා. ජීවත් වීමට ආයුෂ කාලය ඉතිරිව තිබිය දී මිය යෑම; අකාල මරණය.
අන්තරා වෙනවා
ක්රි. මිය යනවා; කාලක්රියා කරනවා.
අන්තරාක්ෂරය
නා. ප්රාණාක්ෂර දෙකක් අතර පිහිටි ගාත්රාක්ෂරය.
අන්තරාග්නිය
නා. ආහාර පැසවීමේ ශක්තිය; ජඨරාග්නිය.
අන්තරාගාමිකයා
නා. රජ කෙනකුගේ මරණයෙන් පසු සිහසුනට හිමිකම් ඇත්තා; අනුප්රාප්තිකයා.
අන්තරාත්ම
නා.ප්ර. සිත හෝ හෘදය.
අන්තරාදායක
වි. අනතුරු ගෙන දෙන; විපත්ති සිදු කරන; උවදුරු පමුණුවන.
වි. අනතුරු ගෙන දෙන; විපත්ති සිදු කරන; උවදුරු පමුණුවන.
අන්තරාපත්තිය
නා. (විනය.) ප්රධාන ආපත්තියකට (වරදකට) අනතුරු ව පැමිණෙන ඇවත.
අන්තරාභවය
නා. සත්ත්වයකුගේ මරණයටත් නැවත ඉපදීමටත් අතරෙහි ඇතැයි සැලකෙන භවය.
අන්තරාභවිකයා
නා. ප්රතිසන්ධියක් බලාපොරොත්තුවෙන් (අන්තරාභවයේ) වසන සත්ත්වයා; ගන්ධබ්බයා.
අන්තරාභිජනනය
(පාරිභා.) නා. වෙනස් ශාක හෝ සත්ත්ව විශේෂ හෝ ප්රභේද හෝ දෙමුහුන් කිරීම (=interbreeding).
අන්තරාය
නා.ප්ර. අනතුර; උවදුර; උපද්රවය; ආපදාව; විපත්තිය.
අන්තරායකර
වි. උපද්රව හෝ බාධා ඇති කරන; අනතුරු සිදු කරන.
අන්තරායකර ඖෂධ පනත
(පාරිභා.) නා. (නීති.) උපද්රව, අනතුරු, විපත්ති ආදිය ඇති කරන ඖෂධ වර්ග භාවිත කිරීම නවත්වාලීම සඳහා රජය මගින් පනවන ලද නීතිය (=dangerous drugs act).
අන්තරායකර ධර්ම
1. නා.ප්ර. මාර්ගඵලාවබෝධයට බාධා කරන ධර්ම; අකුසල ධර්ම; මෙය කර්ම, ක්ලේශ, විපාක, උපවාද හා ආණාවීතික්කම හෙවත පඤ්ඤත්තිවීතික්කම යනුවෙන් පස් වැදෑරුම් වේ.
2. නා.ප්ර. උපසම්පදාවට බාධක කරුණු හෙවත් අයෝග්යතා.
අන්තරාල නගරය
(පාරිභා.) නා. ආයාත - නිර්යාත වෙළඳාම හා රැස් කිරීමේ, බෙදා හැරීමේ වෙළඳාම කෙරෙන නගරය.
අන්තරාල වෙළඳාම
(පාරිභා.) නා. විවිධ රටවලින් භාණ්ඩ ගෙන්වීම සහ වෙනත් රටවලට ඒවා බෙදා හැරීම සම්බන්ධ වෙළඳාම; ආයාත හා නිර්යාත වෙළඳාම (=entrepot trade).
අන්තරාලය
1. නා.ප්ර. මධ්යයෙහි හෙවත් අතර වූ අවකාශය; අතරතුර ප්රදේශය; කාලය හෝ වේලාව.
2. නා.ප්ර. විහාරයක ඇතුළු වාහල්කඩ.
3. නා.ප්ර. විවරය.
4. (පාරිභා.) නා.ප්ර. ඉස්කුරුප්පුවක ඇණපොටවල් අතර ප්රමාණය (=pitch).
අන්තරාලාපය
[අන්තර් + ආලාපය]
නා. (සංගී.) ගීතයක හෝ රාගයක අන්තරා කොටසෙහි හෙවත් දෙවන කොටසෙහි ස්වරයන්ට සීමා වූ ආලාපය.
අන්තරාව
1. නා. අනතුර; උවදුර; උපද්රවය.
2. නා. අන්තරය.
අන්තරාවනත
අන්තරාවර්ති
(පාරිභා.) වි. (උද්භි.) ඇතුළු පැත්තට නැමුණු; මලක මැද දෙසට විවෘත වන අන්තර ඇති (=introrse).
අන්තරාසර්ග
(පාරිභා.) වි. (සත්ව.) ඇතුළත ස්රාවය කරන; අභ්යන්තර ස්රාවී (=endocrine).