සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 85
අන්තඃපුති
වි. ඇතුළත දුඟඳ හමන්නා වූ; ඇතුළත කුණු වූ.
අන්තඃපුරය
1. නා. රජ මාළිගාව.
2. නා. ඇතුළු නුවර.
3. නා. දෙවන බිසෝවරුන්ගේ වාසස්ථානය; ඇතොවුර; ශුද්ධාන්තය.
4. නා. ඇතොවුරෙහි වසන ස්ත්රී සමූහය.
අන්තඃස්තරණ
නා.ප්ර. ඇතුළත වසා සිටි සිවිය.
අන්තඃස්ථ
වි. ඇතුළත වූ; අන්තර්භූත; කෙළවර පිහිටි; අතරෙහි වූ.
අන්තඃස්ථද්විච්ඡේදකය
(පාරිභා.) නා. රේඛා ගණිතයෙහි ඇතුළතින් දෙකට කපන ඉර.
අන්තඃස්රාවය
(පාරිභා.) නා. ග්රන්ථිවලින් වෑහෙන (හෙවත් ස්රාවය වන) ද්රව්ය (=secretion).
අන්තකයා
නා. මාරයා; යමරජ.
අන්තක්රිස්තු
නා.ප්ර. ක්රිස්තුස්වහන්සේගේ සතුරා; ක්රිස්තු විරෝධියා.
අන්තග
වි. කෙළවරට ගිය; නිවනට පැමිණි.
අන්තග්රාහි
වි. අන්තයට ම ගිය දෘෂ්ටි ගත්; අන්තග්රාහික.
අන්තගුණ
නා.ප්ර. බඩවැල නැමුණ නැමුණ තන්හි බැඳගෙන සිටිනා පටලය හෙවත් සිවිය; අතුණුබහන.
අන්තදශමය
(පාරිභා.) නා. කෙළවරකට පැමිණෙන දශමය; බෙදීමෙන් කෙළවර වන දශමය.
අන්තද්වය
1. නා.ප්ර. දෙකෙළවර; දෙකොන.
2. නා.ප්ර. ශාස්වත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය යන දෘෂ්ටි පිළිබඳ අන්ත දෙක.
3. නා.ප්ර. අත්තකිලමථානුයෝගය සහ කාමසුඛල්ලිකානු යෝගය යන අන්ත දෙක.
අන්තධ්රැවය
(පාරිභා.) නා. විද්යුත්කෝෂ, බැටරි ආදියේ අග්රද්වයෙන් එකක්; ධනධ්රැවය හෝ සෘණධ්රැවය (=negative pole).
අන්තපක්ෂය
නා. චන්ද්ර මාසයක අග භාගය.
අන්තභූත
1. වි. කෙළවරෙහි වූ; අග වූ.
2. වි. අවසානයේ සිදු වූ.
අන්තය
1. නා. අග; කෙළවර; අවසානය; සීමාව.
2. (ව්යාක.) නා. විභක්ති ප්රත්යය.
3. නා. නිර්වාණය.
4. (ජ්යෝති.) නා. දොළොස්වන රාශිය; මීනය.
5. නා. බඩවැල.
අන්තර
1. වි. ඇතුළු; අභ්යන්තර; අතරතුර වූ.
2. නා.ප්ර. බඩවැල; අන්ත්රය.
3. නා.ප්ර. ඇතුළ; අභ්යන්තරය; මැද; අතර වූ අවකාශය; අතරතුර කාලය.
4. නා.ප්ර. වෙනස; භේදය.
5. (ගණිත.) නා.ප්ර. අඩුකිරීමෙන් පසු ඉතුරු ගණන.
6. ඉම; සීමාව.
7. සිදුර; ඡිද්රය.
අන්තර ඇපෑල
නා. ප්රාදේශීය උසාවියක් මගින් නඩු තීන්දුවක් වෙනස් කරන ලෙස ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන පෙත්සම හෙවත් ඉල්ලීම (=interlocutory appeal).
අන්තර කල්පය
නා. අසංඛ්ය කල්පයක් ඇතුළත වූ කුඩා කල්පය; අතුරුකප; අන්තඃ කල්පය.
අන්තර ක්රියාව
(පාරිභා.) නා. ද්රව්ය අතර පවත්නා අන්යෝන්ය ක්රියාකාරිත්වය (=interaction).
අන්තර ඛජ්ජක
නා.ප්ර. භික්ෂූන් විසින් උදය කැඳටත් දහවල් අහරටත් අතර වළඳන කැවිලි; අතුරුපස.
අන්තර දීපය
නා. නදී ශාඛා අතර ඇති භූමි ප්රදේශය; අන්තර් දිවයින; අන්තර ද්වීපය.
අන්තර පුරුක
(පාරිභා.) නා. (ගසක) කඳේ ගැට දෙකක් අතර ප්රදේශය; පර්වය.