සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 84
අනවින
නා.බහු. උවදුරු පමුණුවන මන්ත්ර, ගුරුකම්, කොඩිවින, සූනියම්.
අනශන
නා.ප්ර. ආහාරයෙන් වැළකීම; කෑම අනුභව නොකිරීම.
අනෂ්ට
වි. නොනැසුණු; නෂ්ට නොවුණු.
අනස්ත
වි. අයිතිය නැති; අහිමි.
අනස්තග
වි. අස්තයට නොපැමිණි; හිරුට සමීප වීමෙන් අදර්ශනයට නොගිය.
අනස්ථික
වි. ඇට නැති; අස්ථි රහිත.
අනහ
1. නා.ප්ර. මල බද්ධයෙන් හෝ මලමූත්ර බද්ධයෙන් හෝ ඇති වන රෝගයක්.
2. (කථා.) නා.ප්ර. අදහස් කළ දෙයට ඉඳුරා වෙනස් වූ දෙය.
අනහත්
නා.ප්ර. ආත්මයක් නැති බව; මමය, මාගේය යන මමත්වය නැතිකම.
අනහම්
වි. අනගි; වටිනා; අනර්ඝ.
අන් බඳ
වි. අනුන් හා සම්බන්ධ වූ; අනුන්ට අයිති; අන් සතු වූ.
අන්කම් පානවා
(කථා.) ක්රි. වෙනස්කම් පෙන්වනවා.
අන්කරය
නා. නැංගුරම; අංකරය.
අන්කරු
නා.ප්ර. (ව්යාක.) අන්ය කාරකය; අන්යශබ්ද කාරකය.
අන්ගතිකයා
නා. අනුන් පිහිට කොට ඇත්තා; අනුන් සරණ ගිය තැනැත්තා; අන්යගතිකයා.
අන්ත
1. නා.ප්ර. අග කෙළවර; අවසානය; වාටිය.
2. නා.ප්ර. බඩවැල; අතුණ.
වි. පහත්; හීන.
අන්ත මුග්ධයා
නා. මහමෝඩයා; මහමුග්ධයා; මහාමූඛයා.
අන්ත යුග්මය
නා. අත්තකිලමථානු යෝගය හා කාමසුඛල්ලිකානු යෝගය යන අන්ත දෙක.
අන්ත සතර
නා. බුද්ධ ධර්මයට අනු ව සේවනය නොකටයුතු ලාමක ධර්ම සතර; එනම් ශාශ්වත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය,කාමසුඛල්ලිකානුයෝගය, අත්තකිලමථානුයෝගය යනුයි.
අන්තඃ
අව්ය. අභ්යන්තරික; අතර; අන්තර.
අන්තඃකරණය
නා. සිතීමේ හා හැඟීමේ ප්රභවස්ථානය; හෘදය.
අන්තඃකර්ණය
නා. ඇතුළු කන.
අන්තඃකර්ණිකාව
නා. (මලක) බීජකෝෂය.
අන්තඃකල්පය
නා. අසංඛ්ය කල්පයක් ඇතුළත වූ කුඩා කල්පය; අතුරුකප.
අන්තඃපත්
නා. (මීමැසි ආදි කුඩා සතුන්ගේ) අභ්යන්තර පියාපත්.