සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 83

අනවගමය

නා. අවබෝධ නොවීම; නොදැන්ම; අවගම නොවීම.

අනවජ්ජ

වි. නිවැරදි; නිදොස්; නිර්දෝෂ.

අනවජ්ජ සුඛය

නා. නිවැරදි ක්‍රියාවෙහි යෙදීමෙන් උපදනා සොම්නස.

අනවඥප්ති

නා.ප්‍ර. අවමානයක් නොලබන බව.

අනවතරණීය

වි. එළඹීමට නොහැකි; අවතරණය කළ නොහැකි; බැසිය නොහෙන.

අනවතීර්ණ

වි. බැස නොගත්, එතෙර නුවූ; නොඑළඹි.

අනවද්‍ය

වි. නිදොස්; නිවැරදි; දෝෂ රහිත.

අනවධානය

නා. නොසැලකිල්ල; ප්‍රමාදය; කල්පනා රහිත බව.

අනවබද්ධ

වි. එක් ව නොබැඳුණු; එකට සම්බන්ධ නොවූ.

අනවබෝධ

වි. වටහා නොගත්; අවබෝධ නොකළ; නොවැටහුණු.

අනවමදර්ශී

වි. ඉතා යහපත් දැනීම් ඇති; මනා අවබෝධ ඇති.

අනවරණ

වි. ආවරණ නැති; නොවැසුණු; බාධා රහිත; නොවැළකුණු.
නා.ප්‍ර. අන්‍යයා; අමුත්තා.

අනවරත

වි. නොකඩවා පවතින; නැවැත්මක් නැති; නිරන්තර.

අනවරතේ

වි. (කථා.) වරදක් නැතිව; කිසිදු සාධාරණ හේතුවක් නැතිව; කිසියම් අරුතකින් තොරව නිකරුණේ.

අනවරා

වි. නැවැත්මක් නැති; නොකඩවා පවතින.

අනවරාග්‍ර

වි. කෙළවරක් නොදැකිය හැකි; සංසාරය සේ අක් - මුල් නැති.

අනවරාව

නා. (කථා.) නොකඩවා පවතින වැස්ස; මහා වර්ෂාව.

අනවරෝධය

නා. බාධා රහිත බව; අවහිර නැතිබව.

අනවලෝක්‍ය

වි. කිසිවකු විසින් නොදැකිය හැකි; කිසිවකු විසින් අවලෝකනය නොකළ හැකි.

අනවශේෂ

වි. ඉතිරි නැති; අවශේෂ රහිත; සම්පූර්ණ.

අනවසර

වි. අවසරයක් නැති; ඉඩක් නැති.

අනවස්ථිතිය

නා. ස්ථිරව නොපිහිටි බව; අස්ථිරබව; චපල බව.

අනව්

නා.ප්‍ර. මුහුද; සමුද්‍රය; අර්ණවය.