ඇවිරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කෙසෙල් කැනක එක් එක් ගෙඩි පෙළ; පොකුරක් මෙන් සෑදී ඇති ගෙඩි පේළිය.
2. (කථා.) නා. පොල් ගෙඩියක ලෙල්ලෙහි සමාන්තර රේඛා දෙකක් කපා ඒ අතරින් ඇද ගන්නා සිහින් පතුර.
3. නා. පහන් දැල්වීමට සැදූ තෙල් වැට; පහන් වැට.
4. නා. බොල් රොඩු ආදිය ඉවත් කරනු සඳහා වී හුළං කිරීමේ දී ගොවියාට නැග සිටීමට ලී දඬු තුනක් සිටුවා සාදාගන්නා මැස්ස; කුරාලය.
5. නා. ආරුක්කුව; තොරණ.
6. නා. ගොක්කොළ එල්ලූ රැහැන; ගොප් රැහැන.