කන්වැල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. එල්ලෙන කන්පෙත්ත: බර වූ කුණ්ඩලාභරණ පැලඳීමෙන් කන් සිදුර විශාල වී එල්ලෙන කන්පෙත්ත.
2. නා. කර්ණාභරණ විශේෂයක්.
3. නා. ගොක්කොළවලින් මුදු සාදා දම්වැලක් මෙන් එක් කොට කරන සැරසිල්ල.
4. නා. වියන ලද පෙට්ටියක කට වටේ යොදන වැල.
5. නා. මාළුවකුගේ බඩවත පැත්තෙන් කැපූ පෙත්ත.