කපනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. (යම් ආයුධයකින් හෝ උපකරණයකින්) කැබලි කරනවා; ඡේදනය කරනවා; සිඳිනවා.
2. ක්රි. දෙපසට වෙන් කරනවා; දෙකට බෙදනවා.
3. (කථා.) ක්රි. (මැල්ලුම් ආදිය) සිහින් ව ලියනවා.
4. (කථා.) ක්රි. ක්රියා විරහිත කරනවා; අවලංගු කරනවා; ප්රතිඵල රහිත කරනවා.
5.(කථා.) ක්රි. (නාම ලේඛනයකින් යම් කිසිවකුගේ නම් ආදිය) ඉවත් කරනවා; බැහැර කරනවා.
6. ක්රි. (පාරක් හෝ උළු ගඩොල් ආදිය සම්බන්ධයෙන් යෙදේ) තනනවා; සකසනවා.
7. ක්රි. කනිනවා; හාරනවා.
8.(කථා.) ක්රි. ලී, කළුගල් ආදියෙන් යම් රූප හැඩ ගස්වනවා; නෙළනවා.
9. (කථා.) ක්රි. අන් අය කෙරෙහි අහිතකර අන්දමින් බලපෑම් කරනවා; තනතුරු සුදුසුකම් ආදියට බලපෑම් කරනවා.
10. (කථා.) ක්රි. විනාශය ඇති කර ගන්නවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. axe
2. v. cancel
3. cleave
4. v. cut
5. Soc. hack
6. vt. incise
7. v. reap
8. vti. slit