චල කේන්ද්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. චලන මධ්‍යය; සමතුලිත ව ඉපිලෙන වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය ඔස්සේ ඇඳි රේඛාවත් වස්තුව යන්තමින් විස්ථාපනය කළ විට විස්ථාපිත ද්‍රවයේ ගුරුත්ව කේන්ද්‍රය ඔස්සේ ඇඳි රේඛාවත් යන දෙක ඡේදනය වන ලක්ෂ්‍යය (=metacentre).