තුඩපත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිංහල රාජ සමයෙහි ඉඩමක් හෝ යම් ස්ථානයක අයිතිවාසිකම පවරා රජුන් හෝ රාජකීයයන් විසින් දෙනු ලැබූ තල් පතක ලියූ ඔප්පුව; පූජා කිරීම්, නිරවුල් තීරණ හෝ විනිශ්චය පනත් ඇතුළත් ලියවිල්ල.
2. නා. රජුගෙන් ලත් සන්නසක් නැති කල රාජකීය නිලධරයන් විසින් දෙනු ලබන පිටපත.