සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 759
තීරු බද්ද
නා. ආනයන හා අපනයන සඳහා අය කරනු ලබන ගාස්තුව; තීරු ගාස්තුව.
තීරු විල
නා. තීරුවක් හෝ පටියක් හෝ ආකාරයෙන් පිහිටි විල.
තීරුව
1. නා. දික් අතට විහිදෙන හා බිම් කොටස; දිගපටිය.
2. නා. අයින; අයිනේ පිහිටි පටිය.
3. නා. පුවත්පත් ආදියෙහි පිටු උඩ සිට පහළට වශයෙන් බෙදා ඇති හීන් දිග පටිය.
4. නා. තීරු ගාස්තුව.
තීව්ර
වි. තියුණු; කටුක; කර්කශ.
තීෂ්ණාග්නිය
නා. පිත වැඩිකම නිසා හට ගන්නා අධික බඩගින්න; ජඨරාග්නිය.
තුඟු
වි. උස් වූ; ඉහළට ගිය; උත්තුඞ්ග.
තුච්ඡ වෙනවා
ක්‍රි. සැහැල්ලු බවට පත් වෙනවා; නිස්සාර වෙනවා.
තුච්ඡපුරුෂයා
නා. ගුණ ධර්මයන්ගෙන් තොර වූ තැනැත්තා; හිස් තැනැත්තා; මෝඝ පුරුෂයා.
තුට
වි.කැමති වූ; සතුටු වූ; සෑහීමට පත්; සොම්නසින් යුත්.
තුට්ටුව
නා. පණමකින් හතරෙන් පංගුවක අගයෙන් යුත් පැරණි කාසියක්; සත එකහමාර; කාකිණිය.
තුට්ටුවට යනවා
ක්‍රි. තත්ත්වය හෝ අගය හෝ ඉතා පහත වැටෙනවා.
තුටු පඬුර
නා. සතුටින් දෙන දෙය; තෑග්ග; පරිත්‍යාගය.
තුටු පහටු
වි. ඉතා සතුටු වූ; ප්‍රීති වූ.
තුඩ
1. නා. කුරුල්ලන්ගේ හොට; පක්ෂීන්ගේ මුඛයෙහි උල් කෙළවර; චංචුව; තුණ්ඩය.
2. නා. කට; මුඛය.
3· නා. උලක මුදුන; කෙළවර.
4. නා. දත; දළය.
5. නා. මුහුණ.
6. (පාරිභා.) නා. නළයක විවෘත ව ඇති උල් වූ කොන; කෙමිය (=nozzle).
7. නා. චාප දෙකක් කැපෙන තැන ඇති වන පොදු ලක්ෂ්‍යය (=cuspidal point).
8. (පාරිභා.) නා. එක් කොනකින් ගොඩබිමට සම්බන්ධ වී මුහුදට නෙරා ගිය පටු දික් වැලි හෝ පස් වැටිය; තුඩුව (=spit).
තුඩ තුඩ
ක්‍රි.වි. මුවක් පාසා; හැමදෙනා අතර කියැවෙන.
තුඩ පහුර
නා. සපා කෑම වැළැක්වීමට බල්ලන්ගේ හොම්බට දමන මුකවාඩම; මුක්කච්චිය.
තුඩපත
1. නා. සිංහල රාජ සමයෙහි ඉඩමක් හෝ යම් ස්ථානයක අයිතිවාසිකම පවරා රජුන් හෝ රාජකීයයන් විසින් දෙනු ලැබූ තල් පතක ලියූ ඔප්පුව; පූජා කිරීම්, නිරවුල් තීරණ හෝ විනිශ්චය පනත් ඇතුළත් ලියවිල්ල.
2. නා. රජුගෙන් ලත් සන්නසක් නැති කල රාජකීය නිලධරයන් විසින් දෙනු ලබන පිටපත.
තුඩවැඩි
වි. අහංකාර; පුරසාරම් දොඩන; දොඩමලු.
තුඩාව
1. නා. කණ මීමැස්සන් විසින් සාදනු ලබන මීයේ මුවදොර; කණමීමැස්සන් ඇතුළු වන හා පිටවන සිදුර.
2. නා. කම්මල් උදුනේ කට; කම්මලේ ගිනි උදුනේ මුව දොර.
තුඩිය
නා. මැණික් ගලක පැහැය; මැණික් ඌරුව.
තුඩු කරනවා
1. ක්‍රි. උල් කරනවා; මුවහත් කරනවා.
2. ක්‍රි. යමක් කිරීමට මානනවා; අයථා උපක්‍රම දරනවා.
තුඩු දෙනවා
1. ක්‍රි. කිසියම් අරමුණක් වෙත ළං කරනවා.
2. ක්‍රි. මුහුණත මතු කරනවා; කොන් උඩු අතට හරවනවා.
3. ක්‍රි. හේතු වෙනවා.
4. ක්‍රි. හොට ළං කරනවා.
තුඩු පුටය
නා. හොටෙහි තුඩ; හොටය.
තුඩුව
1. නා. මුහුදට හෝ විලකට හෝ නෙරාගිය බිම් කොටස.
2. (පාරිභා.) නා. ඉස්සීම සඳහා හෝ චලනය නවතාලීම සඳහා හෝ යෙදෙන කොටසක පිටට නෙරා ආ කුඩුම්බිය; දිවත.