සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 760
තුඩුහිරි වියමන
(පාරිභා.) නා. දෙපසකින් එන හිරි රේඛා දෙකක් එක් තැනක දී හමුව තුඩු සෑදෙන සේ විවීම.
තුණ්ඩ කශේරුකාව
නා. කොඳු ඇට පෙළෙහි කෙළවර කොටස.
තුණ්ඩ කාටිලේජය
නා. තුඩක් වැනි කාටිලේජය; තුඩක ආකාරය ඇති සම්බන්ධ පටකය.
තුණ්ඩම
නා. කෑල්ල; කැබැල්ල.
තුණ්ඩය
1. නා. කුරුලුහොට; චඤ්චුව.
2. නා. ගව ආදින්ගේ හොම්බ.
3. නා. කට; මුඛය.
4. නා. මුදුරුමැසි ආදින්ගේ දිග තුඩ.
5. නා. ගස්වැල් ආදියෙහි උල්වූ නෙරුම.
තුණ්ඩාග්රය
1. නා. මදුරුමැසි පක්ෂි ආදීන්ගේ තුඩෙහි අග.
2. නා. තොල් අග.
තුණ්ඩාවාර
(පාරිභා.) නා.ප්‍ර. පක්ෂි තුඩ තුළ වූ උඩු-යටි හනුවල ඝන ආවරණය.
තුණ්ඩිකාව
නා. පෙකණිය; නාභිය.
තුණ්ඩිබෙර
නා.ප්‍ර. මැදින් මහත් වූ දෙකොණ සිහින් බෙර; උණ්ඩි බෙර.
තුණ්ඩිල
1. වි. කටු සහිත; කටු ඇති; නෙරුණු තුඩක් තිබෙන.
2. වි. ඉදිරියට නෙරා ගිය නාභියකින් යුතු.
3. වි. ඉතා තදින් කථා කරන; රළු වදන් පවසන.
තුණ්ඩිලයා
1. නා.ප්‍ර. නෙරුණු නාභියක් ඇත්තා.
2. නා.ප්‍ර. රළු ලෙස කථා කරන්නා.
3. නා.ප්‍ර. ගිරවා.
තුණ්ඩු අදිනවා
(කථා.) ක්‍රි. යමක් තීරණය කර ගැනීමට කුසපත් අදිනවා.
තුණ්ඩුව
1. නා. යම් කිසිවක් සටහන් කළ කුඩා පත්‍ර කැබැල්ල.
2. නා. සීට්ටුව; කුසපත.
තුඬැතියා
නා. කට ඇති තැනැත්තා; මුව ඇත්තා.
තුත්තනාගම්
නා.ප්‍ර. නිලට හුරු සුදු ලෝහමය මූල ද්‍රව්‍යයක්; සින්ක්.
තුති
1. නා.ප්‍ර. ප්‍රශංසා කිරීම; ස්තුතිය; ගුණ වර්ණනාව.
2. නා.ප්‍ර. කැබලිත්තක් පාදයෙන් විදිමින් කරන ක්‍රීඩාවක්.
තුතු කරනවා
ක්‍රි. සිහින් කැබලිවලට කඩා බිඳ දමනවා; සුනු විසුනු කරනවා.
තුතුව
1. නා. ලෝහ උණු කරන කෝව; උදුන.
2. නා. තරාදි තටුව.
3. නා. අර්ධ ගෝලාකාර තැටිය.
4. නා. හෙණ්ඩුව; කුන්තායුධය.
තුදා කරනවා
ක්‍රි. අංකුස ආදියෙන් අනිනවා.
තුදු
නා.ප්‍ර. සිනාව; හාසය.
තුදුර
නා.ප්‍ර. දහ හතර; තුදුස.
තුදුස්බත්
නා.බහු. සඟ බත, උද්දේස බත ආදි භික්ෂූන්ට කැපයැ යි බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ ආහාර දාන දහහතර.
තුදුස්වක
නා. චන්ද්‍ර මාසයක අමාවකින් හෝ පසළොස්වකින් පසු දහහතර වැනි දිනය; පුර පසළොස්වකට හෝ අවපසළොස්වකට පෙර දින.
තුන
1. නා. එම සංඛ්‍යාව සහ ඉලක්කම.
2. නා. යොත; රැහැන; හුය.