තෙසර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තුන් ආකාර යහපත් හැසිරීම; ලෝකාර්ථ චර්යා, ඥාත්‍යර්ථ චර්යා; බුද්ධි චර්යා යන ත්‍රිවිධ චර්යාව.
2. නා.ප්‍ර. සංගීතයේ ඇති ත්‍රිවිධ ස්වරය; හීන, මධ්‍යම, උත්තම යනුවෙන් හෝ මන්ද්‍ර, මධ්‍ය, තාර යනුවෙන් හෝ ප්‍රභේද තුනක් ඇති ස්වරය.
3. නා.ප්‍ර. හිමාලයේ පිහිටියේයැයි බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන අනවතප්ත, කුණාල, ඡද්දන්ත යන මහවිල් තුන.