සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 777
තෙවණක් පිරිස
නා. දෙව්, මිනිස්, අසුර යන තුන් පිරිස.
තෙවළා දහම
නා. සූත්‍ර , විනය අභිධර්ම යන පිටක තුන; ත්‍රිපිටකය; පිටකත්‍රය.
තෙවැනි බලය
නා. සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් ම තුන් වරක් ගුණ වීමෙන් ලැබෙන ඵලය; තුන් වැනි බලය.
තෙවුනවා
ක්‍රි. බබළනවා; දීප්තිමත් වෙනවා.
තෙවුම්
නා. ස්තුතිය; තුතිය.
තෙස
නා. තැතිගන්නාසුලුබව.
තෙසක්
නා.ප්‍ර. ඇස් තුනක් ඇත්තා; ඊශ්වරයා; මහේශ්වරයා.
තෙසර
1. නා.ප්‍ර. තුන් ආකාර යහපත් හැසිරීම; ලෝකාර්ථ චර්යා, ඥාත්‍යර්ථ චර්යා; බුද්ධි චර්යා යන ත්‍රිවිධ චර්යාව.
2. නා.ප්‍ර. සංගීතයේ ඇති ත්‍රිවිධ ස්වරය; හීන, මධ්‍යම, උත්තම යනුවෙන් හෝ මන්ද්‍ර, මධ්‍ය, තාර යනුවෙන් හෝ ප්‍රභේද තුනක් ඇති ස්වරය.
3. නා.ප්‍ර. හිමාලයේ පිහිටියේයැයි බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන අනවතප්ත, කුණාල, ඡද්දන්ත යන මහවිල් තුන.
තෙස්තමේන්තුව
1. නා. කෙනෙකු විසින් සිය චංචල හා නිශ්චල දේපළ තමාගෙන් පසු ව කාට කෙසේ අයත් විය යුතු ද යන්න දැක්වෙන නීත්‍යනුකූල ලියවිල්ල; අන්තිම කැමැත්ත දක්වන ඔප්පුව.
2. (ක්‍රිස්ති.) නා. බයිබලයේ පරණ හෝ අලුත් යනුවෙන් බෙදී ඇති කොටස; ගිවිසුම.
තෙසු
වි. සෙසු; වෙනත්; අවශේෂ.
තෙහෙට්ටුව
(කථා.) නා. විඩාව; වෙහෙස.
තෙළෙස
නා. දහතුන.
තෙළෙස්දුවඟ
නා.ප්‍ර. කෙලෙස් තුනී කිරීම සඳහා පුරන තවුස් දම් දහතුන; පාංශුකූලික අඞ්ගය, තේචීවරික°, පිණ්ඩපාතික°, සපදානචාරික°, ඒකාසනික°, පත්තපිණ්ඩික° ආදි තෙළෙස් ධුතාඞ්ග.
තෙළෙස්වක
නා. චන්ද්‍රයාගේ පුර අව දෙපක්ෂයෙහි දහතුන් වැනි තිථිය.
තේචීවරික
වි. තනිපට සිවුර, දෙපට සිවුර, අඳනය යන තුන් සිවුරු පමණක් දරන.
තේජ
වි. තෙදවන්ත; ප්රතාපවත්; ආනුභාව සම්පන්න.
තේජනය
1. නා. ආනුභාව; ප්‍රකාශය.
2. නා. මුවහත් කිරීම.
3. නා. ඊය; හීය.
තේජස
1. නා. කිසිවක පවත්නා උණුසුම් ස්වභාවය; ගින්න; අග්නිය; තේජෝධාතුව.
2. නා. දිලිසෙන ගතිය; ආනුභාවය.
3. නා. ජීව ශක්තිය.
තේජස්වී
වි. ආනුභාව ඇති; තෙදින් යුත්.
තේජාංශු
නා.ප්‍ර. තේජ ගතිය ඇති කිරණ; එක්ස් කිරණ.
තේජෝ
වි. රශ්මියෙන් යුතු තාප ශක්තිය ඇති.
නා.ප්‍ර. ගින්න; අග්නිය.
තේජෝ ධාතුව
1. නා. ශීත උෂ්ණ ස්වභාවය.
2. නා. ගින්න; අග්නිය.
තේට්ටන්
(කථා.) නා.ප්‍ර. හිංසාව; පීඩාව; හිරිහැරය.
තේඩාව
නා. සිහින් දිග කඹය.