තෙස්තමේන්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කෙනෙකු විසින් සිය චංචල හා නිශ්චල දේපළ තමාගෙන් පසු ව කාට කෙසේ අයත් විය යුතු ද යන්න දැක්වෙන නීත්‍යනුකූල ලියවිල්ල; අන්තිම කැමැත්ත දක්වන ඔප්පුව.
2. (ක්‍රිස්ති.) නා. බයිබලයේ පරණ හෝ අලුත් යනුවෙන් බෙදී ඇති කොටස; ගිවිසුම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කෙනකුගේ අන්තිම කැමැත්ත දක්වන ඔප්පුව/ බයිබලයේ කාණ්ඩ හඳුන්වන නාමය; ගිවිසුම (පුර්. testamento)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. testament