අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 140
තෙපලනවා
ක්‍රි. කියනවා; පවසනවා
තෙමඟුල
නා. බුදුන්වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන මංගල්‍ය තුන
තෙමඬුලු
නා.ප්‍ර. තිමඬුලු (පා. තිමණ්ඩල)
තෙරණි
නා.ප්‍ර. භික්ෂුණිය
තෙරිඳු
නා.ප්‍ර. නායක ස්ථවිරයන් වහන්සේ
තෙල
1. නා. තෙල්/ මේදය (පා. තෙල සං. තෛල) 2. ඔබ; යුෂ්මතා වි. ඈතින් පෙනෙන; ඉදිරිපිට සිටින හෝ තිබෙන
තෙල් වළ
නා. හිස මුදුනේ පිහිටි මොළොක්, වළ ගැසුණු තැන
තෙල්කුළාව
නා. තෙල් වත් කළ කුප්පිය හෝ බට පුරුක් ආදියෙන් සාදාගත් කොපුව
තෙලි
නා.ප්‍ර. සිතුවම් අඳින කූර (සං. තූලිකා, තූලී) වි. තල් ගසින් උපන්
තෙලිඟු
නා.ප්‍ර. දකුණු ඉන්දියාවේ පිහිටි ප්‍රාන්තයක නාමය/ තෙලිඟු දේශයෙහි මිනිසුන් කථා කරන භාෂාව
තෙලිජ්ජ
නා. තෙලිදිය
තෙලිතුඩ
නා. සිතුවම් අඳින කූර; පින්සල
තෙලිදිය
නා. තල් පොල්, කිතුල් ආදී ගස්වල මල්වලින් ලබාගන්නා පැණි, හකුරු ආදිය සෑදීමට භාවිත වන යුෂය; මීරා
තෙවණ
නා.ප්‍ර. වර්ණ තුන/ දෙව්, මිනිස්, අසුර යන තුන් පිරිස; තෙවණක් පිරිස
තෙවන
වි. තුන් වන
තෙවළා
නා.ප්‍ර. ත්‍රිපිටකය; තුන් පිටකය (පා. තෙපිටක බෞ.සං. ත්‍රිපිටක)
තෙස්තමේන්තුව
නා. කෙනකුගේ අන්තිම කැමැත්ත දක්වන ඔප්පුව/ බයිබලයේ කාණ්ඩ හඳුන්වන නාමය; ගිවිසුම (පුර්. testamento)
තෙළෙස්
නා.ප්‍ර. දහතුන (පා. තෙරස)
තේජස
නා. කාන්තිය; දීප්තිය/ ආනුභාව; ප්රතාපය (සං. තෙජස්)
තේජාන්විත
වි. තේජසින් යුක්ත
තේජානුභාවය
නා. තේජසින් ඇති වන බල මහිමය
තේරවිලි
නා.ප්‍ර. තෝරා දිය යුත්ත; සැඟවුණු අරුත් ඇති වගන්තිය
තේසවලමෙයි
නා.ප්‍ර. ද්‍රවිඩ ජනයාගේ පාරම්පරික සිරිත් විරිත් අනුව පිළියෙල වූ නීති මාලාව (දෙ. தேசவளமை)
තෛපොංගල්
නා.ප්‍ර. හින්දු භක්තිකයන්ගේ වාර්ෂික සංස්කෘතික උත්සවයක නාමය (දෙ. தைப்பொங்கல்)