අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 139

තුලිත

වි. සමාන; සමබර (සං. තුලිත)

තුවාලය

නා. සිරුරේ කැපීම, සීරීම් ආදිය සිදු වූ තැන/ වණය (දෙ. துவாலை)

තුෂ්ටිය

නා. සතුට; සන්තෝෂය (සං. තුෂ්ටි)

තුෂ්ණිම්භාව

නා.ප්‍ර. නිහඬ බව (සං. තුෂ්ණිම්භාව)

තුෂ්ණිම්භූත

වි. නිහඬ; නිශ්ශබ්ද

තුෂාර

නා.ප්‍ර. පිනි/ හිම (සං. තුෂාර)

තුෂිත

නා.ප්‍ර. තුසිත (සං. තුෂිත)

තුස

1. නා. සතුට; සන්තෝෂය (පා. තොස සං. තොෂ) 2. හාල් කුඩු/ දහයියා (පා. ථුස සං. තුෂ)

තුසිත

නා.ප්‍ර. තුසිත දෙව්ලොව (පා. තුසිත)

තුහින

නා.ප්‍ර. පිනි; තුෂාර; හිම (සං. තුහින)

තුළ

නා. ඇතුළ; අභ්‍යන්තරය

තූම්බය

නා. මළ සිරුර තබා ඔසවාගෙන යන මැස්ස

තූර්ය

නා.ප්‍ර. වාද්‍ය භාණ්ඩ (සං. තූර්ය)

තූර්ය ඝෝෂාව

නා. තූර්ය භාණ්ඩ වාදනයෙන් නැඟෙන හඬ (සං. තූර්යඝොෂා)

තූර්ය භාණ්ඩ

නා.ප්‍ර. වාදනය පිණිස යොදා ගන්නා වීණා, බෙර, දවුල් ආදිය (සං. තූර්යභාණ්ඩ)

තෘණ

නා.ප්‍ර. තණ (සං. තෘණ)

තෘතීය

වි. තුන් වන; තෙවන (සං. තෘතීය)

තෘතීයික

වි. තුන් වැනි; තෘතීය (සං. තෘතීය+ඉක)

තෘප්ත

වි. සෑහීමට පත් වූ; සතුටු වූ (සං. තෘප්ත)

තෘප්තිය

නා. සතුට; සෑහීම (සං. තෘප්ති)

තෘෂ්ණාව

නා. ලෝභය; තණ්හාව (සං. තෘෂ්ණා)

තෙතමනය

නා. තෙත් ගතිය; ආර්ද්‍රතාව

තෙද

නා.ප්‍ර. තේජස

තෙපල

නා. වචනය; කියමන; ප්‍රකාශය