අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 138
තුනුවඟ
නා.ප්‍ර. සිහින් සිරුර/ ස්ත්‍රී ලිංගය/ සිහින් සිරුරක් ඇත්තී; කාන්තාව/ අනංගයා (සං. තත්වඞ්ග)
තුප්පොට්ටිය
නා. උඩරට කුලීනයන්ගේ ඇඳුමක් (දෙ. துப்பட்டி)
තුම්බය
නා. ධාන්‍ය මනින මිම්මක්; කුරුණිය (පා. තුම්බ)
තුමුල
වි. මහත්; විශාල
තුඹ
1. නා.ප්‍ර. බර ලෝහයක්; ඊයම් (පා. තිපු සං. ත්රපු) 2. ඖෂධීය පැළෑටියක් (පා. තුම්බ සං. තුම්බක) 3. චෛත්‍යය, දාගැබ (පා. තුම්බ)
තුඹස
නා. වේයන් සාදාගන්නා වාසස්ථානය; හුඹහ
තුරග
නා.ප්‍ර. ගසේ මුදුන
තුරඟ
නා.ප්‍ර. අශ්වයා/ඉෂ්ටානිෂ්ට පද්‍ය බන්ධනයේ දී යෙදෙන අෂ්ටයෝනිවලින් එකක් (පා. සං. තුරඞ්ග)
තුරඟ තරඟ
නා.ප්‍ර. තරගයට අසුන් ධාවනය කරවීම
තුරල්
වි. අඩු; මඳ (දෙ. தூறல்)
තුරුණු
වි. තරුණ (පා. සං. තරුණ)
තුරුපෙළ
නා. ගස් සමූහය
තුරුම්පුව
නා. කඩදාසි කුට්ටමේ එක් අතක ප්‍රධාන වන කොළය/ වාසිය සඳහා ඉදිරිපත් කළ හැකි බලවත් තර්කය (පුර්. trumfo)
තුරුල්ල
නා. ළය පෙදෙස; ඇකය/ ඇසුර
තුරුලිය
නා.ප්‍ර. ගස් සහ වැල්/ තාරකා සමූහය
තුලනය
නා. බර කිරුම/ සසඳා බැලීම (පා. සං. තුලන)
තුලනාත්මක
වි. සසඳා බැලීම ලක්ෂණ කොට ඇති
තුල්‍ය
වි. සමාන/ සමබර (පා. සං. තුල්‍ය)
තුල්‍යාධිකරණ
නා.ප්‍ර. ව්‍යාකරණයෙහි එන නාම විශේෂණයෙහි ප්‍රභේද දෙකෙන් එකක් (පා. තුල්‍යාධිකරණ)
තුලාදණ්ඩ
නා.ප්‍ර. තරාදි කඳ (පා. සං. තුලාදණ්ඩ)
තුලාධාරය
නා. තරාදිය (සං. තුලාධාර)
තුලාන
නා.ප්‍ර. ගම් කොටස/ ආරච්චි කොට්ඨාසය
තුලාභාරය
නා. බරට බර වස්තුවෙන් දෙන දානය (පා. තුලාහාර)
තුලාව
නා. තරාදිය/ තරාදිය සංකේතය වශයෙන් යොදන රාශිය (පා. සං. තුලා)