තුලාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තරාදිය.
2. නා. තරාදිය සංකේතය වශයෙන් යොදනු ලබන රාශි චක්‍රයේ හත්වැනි රාශිය.
3. නා. පලම් සියයක බර ප්‍රමාණය.
4. නා. තලාඳය.
5. නා. ළිඳෙන් වතුර ඇදීමට පාවිච්චි කරන උපකරණය; ආඬියා.
6. නා. ළමයින් දෙදෙනකු දෙකොනේ වාඩි වී ඉහළ පහළට පැදිය හැකි වන සේ මැදින් රඳවා පවතින ලෑල්ල; සීසෝ ලෑල්ල.
7. නා. ඉතිරි ප්‍රමාණය; ශේෂය.
8. නා. උපමා කරනු ලබන්නා; උපමෙය්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තරාදිය/ තරාදිය සංකේතය වශයෙන් යොදන රාශිය (පා. සං. තුලා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. balance
2. n. scale