සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 770
තුලාධාරයා
නා. වෙළෙන්දා.
තුලාන
1. නා.ප්‍ර. ආරච්චි කොට්ඨාසය.
2. නා.ප්‍ර. ගම් කොටස; ගම්ගොඩ.
තුලාම්
නා.ප්‍ර. හරස් බාල්කය; තලාඳ.
තුලාර
නා.ප්‍ර. රන් කරුවා; ස්වර්ණකාරයා.
තුලාරපිත්
නා.ප්‍ර. ස්වර්ණකාර පුත්‍රයා; රන්කරු පුතා.
තුලාරූඪ කරනවා
ක්‍රි. තුලාව නම් ඝාතක යන්ත්‍ර විශේෂය මාර්ගයෙන් එල්ලා මරනවා.
තුලාරෝදය
(පාරිභා.) නා. තුලා චක්‍රය; දෝලන චක්‍රය (=balance wheel).
තුලාලපය
නා. සමේ ස්වාභාවික වර්ණයට වෙනස කැපීපෙනෙන සේ පිහිටි, එහෙත් එහි සාමාන්‍ය මට්ටමට වඩා උස් නොවූ කුඩා සලකුණ; තල කැළල.
තුලාව
1. නා. තරාදිය.
2. නා. තරාදිය සංකේතය වශයෙන් යොදනු ලබන රාශි චක්‍රයේ හත්වැනි රාශිය.
3. නා. පලම් සියයක බර ප්‍රමාණය.
4. නා. තලාඳය.
5. නා. ළිඳෙන් වතුර ඇදීමට පාවිච්චි කරන උපකරණය; ආඬියා.
6. නා. ළමයින් දෙදෙනකු දෙකොනේ වාඩි වී ඉහළ පහළට පැදිය හැකි වන සේ මැදින් රඳවා පවතින ලෑල්ල; සීසෝ ලෑල්ල.
7. නා. ඉතිරි ප්‍රමාණය; ශේෂය.
8. නා. උපමා කරනු ලබන්නා; උපමෙය්යය.
තුලිකාව
1. නා. පින්සලය; බුරුසුව; තෙලිකූර.
2. නා. කුඩා හරස්කඩක වර්ග ඵලයකින් යුත් සමාන්තර කදම්බය.
තුලිත
වි. සමාන; තුල්‍ය; සමබර.
තුලිත ක්‍රියාව
(පාරිභා.) නා. රසායනික සමතුලිතතාව ඇති කරන ක්‍රියාව; ඉදිරි ප්‍රතික්‍රියාව හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාව සමාන ප්‍රවේගයෙන් සිදුවීම.
තුලු
සර්ව. අර තැනැත්තා; ඔහු; මැය; ඇය; මේ තැනැත්තා.
තුලුණු
වි. නොමේරූ; ළපටි.
තුලුල
නා. වැලඳ ගැනීම; ආලිංගනය.
තුවක්කුව
නා. ලී මිටකින් ද ද පතරොම් දැමීම සඳහා දිග ලෝහ බටයකින් ද යුත් ආයුධය.
තුවට
ක්‍රි.වි. ඉක්මනින්; ශීඝ්‍රයෙන්.
තුවටුව
නා. ගෙඩියක හෝ කොළයක නැට්ට.
තුවරලා
නා.ප්‍ර. සුගන්ධ ද්‍රව්‍යයක්; තගර.
තුවාය
නා. ඇඟ පිස දැමීමට භාවිත කරන විශේෂ රෙදිකඩ; සාළුව.
තුවාලය
1. නා. යම් බාහිර හේතුවකින් සිරුරේ පටකවලට හානි වූ තැන; වණය.
2. නා. සිතේ වේදනාවෙන් ඇති වන පෑරීම.
තුෂ
නා.ප්‍ර. දහයියා; වී ආදී ධාන්‍ය වර්ගවල පොතු.
තුෂ ඛණ්ඩනය
නා. නිෂ්ඵල ප්රයත්නය; නිරර්ථක ක්‍රියාව.
තුෂ්ට
1. වි. තුටු වූ; සතුටු.
2. වි. හොබනා; ශෝභන.