සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 771
තුෂ්ටරවය
නා. ප්‍රීති ඝෝෂාව; සතුට ප්‍රකාශ කරන නාදය.
තුෂ්ටරුෂ්ටකාලය
නා. සන්තෝෂයට හෝ ක්‍රෝධයට පැමිණි වෙලාව.
තුෂ්ටිය
නා. සතුට; සොම්නස.
තුෂ්ණිම්භාවය
නා. නිහඬ බව; නිශ්ශබ්දභාවය.
තුෂ්ණිම්භූත
වි. නිහඬ; නිශ්ශබ්ද; කතාවකින් තොර.
තුෂාර අංකය
නා. තෙත් වාතය සිසිල් කළ විට පිනි බවට ඝනීභවනය වන උෂ්ණත්වය; පිනි අංකය.
තුෂාර කණිකා
නා.ප්‍ර. පිනිබින්දු.
තුෂාරකර
නා.ප්‍ර. සඳ; චන්ද්‍රයා.
තුෂිකාව
නා. තණකොළ මලක ඩිම්බකෝෂ පාදයේ ඇති පටලමය අවයව දෙකෙන් එකක්.
තුස
1. නා. සතුට; සන්තෝෂය.
2. නා. හාල් කුඩු.
3. නා. නිවුඩ්ඩ.
4. නා. දහයියා.
තුසඹු
නා.ප්‍ර. නිවුඩු සහිත සහලින් පිසූ බත; නිවුඩු බත.
තුසරසමා
නා.ප්‍ර. හිම කාලය; හේමන්ත ඍතුව.
තුස්න
වි. සතුටුදායක; ප්‍රීතිමත්.
තුසිත
වි. තුසිත දෙව්ලොවට අයත්.
තුසිත දෙව්ලොව
නා. බෝසත්වරුන් බුදුවීමට පෙර අවසාන ජන්මයේදී උපදිතැයි සැලකෙන සදෙව්ලොවින් සතරවැනි දිව්‍යලෝකය.
තුසිනවා
ක්‍රි. ප්‍රීති වෙනවා; සන්තෝෂ වෙනවා.
තුහින
1. නා.ප්‍ර. පිනි; තුෂාර.
2. නා.ප්‍ර. හිම.
3. නා.ප්‍ර. හඳපාන; සඳරැස්.
තුළ
වි. අතුරන ලද; අතුළ.
නා. ඇතුළ; අභ්‍යන්තරය.
තුළුල
1. නා. තුනී වස්ත්‍රය; දුහුල.
2. නා. සිනිඳු රෙදි කැබැල්ල; පෙරහන්කඩ.
3. නා. සතුට; ප්‍රීතිය.
1. වි. මහත; තර.
2. වි. බලවත්; බරපතළ.
3. වි. දොස් සහිත.
තූණීරය
නා. දුනු හී බහාලන කොපුව; හියවුර.
තූත්තුකුඩිය
1. නා. දකුණු ඉන්දියාවේ තිරිනෙල්වෙලි දිස්ත්‍රික්කයට අයත් නගරයක්.
2. (කථා.) නා. හරිහැටි නොදත් ඈත ප්‍රදේශය.
තූප්පය
නා. දෙ පස උස් ව සිටින සේ පීරා සකස් කරන කොණ්ඩා මෝස්තරය.
තූර්යභාණ්ඩ
නා.ප්‍ර. වාදනය පිණිස යොදාගන්නා වීණා බෙර දවුල් ආදිය.
තූර්යය
නා. සක්බෙර, වීණා, තාලම් ආදි වාදනය කරනු ලබන භාණ්ඩය; වාද්‍ය භාණ්ඩය.