සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 772
තූල
1. වි. තර; මහත; ස්ථූල.
2. වි. පටු නොවූ; පළල් වූ.
3. වි. බොහෝ වූ; අධික වූ.
1. නා. සුදු ඊයම්.
2. නා. පුළුන්.
තූල පටකය
නා. මේද සෛල සම්බන්ධ පටකය; මේද පටකය.
තූලපිහාටු
නා.ප්‍ර. පක්ෂීන්ගේ ආවරණ පිහාටුවලට යටින් ඇති පුළුන් වැනි පිහාටු.
තූලික
නා.ප්‍ර. පුළුන් වර්ග පුරවා සාදාගන්නා කොට්ට මෙට්ට.
තූවර
වි. රැවුල් නැති; නිකටෙහි රැවුල් නොවැඩූ.
තූෂ්ණික
වි. නිහඬ; නිශ්ශබ්ද.
තෘණ
නා.ප්‍ර. තණ; තණකොළ.
වි. තෘණ වර්ගයට අයත්.
තෘණ විද්‍යාව
නා. ගස්වැල් ආදි ශාක පිළිබඳ අධ්‍යයන විෂය.
තෘණද්රැම
නා.ප්‍ර. පොල්, තල්, පුවක් ආදි ගස්.
තෘණපුරුෂ
නා.ප්‍ර. තණ පිදුරු ආදියෙන් සැදූ මිනිස් රුව; පඹයා.
තෘණමණි
නා.ප්‍ර. නෂ්ට වූ කේතුධර වෘක්ෂ වලින් වෑස්සී පාෂාණිභූත ව ඇති ලාටු වර්ගයක්; ඇම්බර.
තෘණලවය
නා. තණ පතක් වැනි ඉතා සුළු දෙය; පිදුරු රොඩු කැබැල්ලක් මෙන් සුළු කොට තැකිය යුතු දෙය.
තෘණෝල්කය
[තෘණ + උල්ක]
නා. ගිනි දැල්වීම සඳහා තණවලින් සාදාගන්නා පන්දම; තණ සුළ.
තෘතීය
වි. තුන්වැනි; තෙවැනි.
තෘතීයක
වි. සෑම තුන් වැනි දිනයෙහි ම ඇති වන.
තෘතීයා
නා.ප්‍ර. (ව්‍යාක.) විභක්ති මාලාවේ තුන්වැන්න; තතියා විබත.
තෘතීයික
(පාරිභා.) වි. තුන්වැනි; තෘතීය.
තෘප්ත
වි. සෑහීමට පත් වූ; සතුටු වූ; සන්සිඳුණු.
තෘප්තිය
1. නා. සෑහීම; සතුට.
2. නා. ආහාර අරුචිය ඇති කරන රෝගයක්.
තෘෂ්ණාචරිතයා
නා. රාගයට වහල් ව ගිය හැසිරීම් ඇත්තා: කාමාශාවෙන් පෙළෙන චරිතයක් ඇති පුද්ගලයා.
තෘෂ්ණාචාර
නා.ප්‍ර. ආශාවට වසඟ ව හැසිරීම; සියලු වස්තුන් කෙරෙහි අධික ආශාවෙන් යුතු බව.
තෘෂ්ණාව
1. නා. (අභි.) ලෝභය; උපාදානස්කන්ධ සංඛ්‍යාත සත්ත්වයාගේ උත්පත්තියට හේතු වන ලෝභ චෛතසිකය; තණ්හාව.
2. නා. පැන් පවස; පිපාසය.
තෙකල
නා. අතීත, වර්තමාන, අනාගත යන කාල තුන, කාලත්රය.
තෙක්
1. නි. (අවසාන සීමාව ද ඇතුළුව) තුරු; දක්වා.
2. නි. තරම්; පමණ.