සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 773
තෙජ
1. නා. ගින්න; වහ්නිය; තේජෝධාතුව.
2. නා. ප්රතාපය; ආනුභාවය; තේජස.
තෙජනවා
1. ක්‍රි. තර්ජනය කරනවා.
2. ක්‍රි. තැති ගන්වනවා; බිය ගන්වනවා.
තෙඩිය
නා.ප්‍ර. (නීති.) තේසවලමායි නීතියට අනු ව, අඹු සැමියන් විසින් තමන්ගේ විවාහය බලපවත්නා කාලය තුළ මිලයට ගන්නා ලද දේපළ.
තෙඩියම
(කථා.) නා. අලසබව; කම්මැළිකම; කුසීත බව.
තෙණ්ඩිප්පුව
(කථා.) නා. මහන්සිය; තෙහෙට්ටුව; වෙහෙස.
තෙත මාත්තුව
නා. තෙත් ගතිය උරා ගන්නට සැලැස්වීම; තෙත සිඳුවීම.
තෙතබරි
(කථා.) වි. අධික ලෙස තෙත් වූ; තෙතමනයෙන් බර වූ.
තෙතමනය
1. නා. ජලයෙන් හෝ වෙනත් ද්‍රවයකින් තෙමුණු ගතිය; ආර්ද්‍රතාව.
2. නා. සිතෙහි මොළොක්බව; අනුකම්පා සහගතබව.
තෙත්
1. වි. ජලයෙන් හෝ වෙනත් ද්‍රවයකින් තෙමුණු; ආර්ද්‍ර.
2. වි. කරුණාවන්ත; මුදු මොළොක්.
තෙත් කනවා
ක්‍රි. තෙතමනය ඇද ගන්නවා; තෙත් වෙනවා.
තෙත් කලාපය
නා. අවුරුද්දේ වැඩි කලක් වැසි පවත්නා පෙදෙස; වර්ෂා කලාපය.
තෙත් කැටීම
(පාරිභා.) නා. ඇඹරුණු නූලක් නූල් රාමුවට ඉහළින් ඇති උණුසුම් ජලය සහිත ඇලියක් ඔස්සේ යවා මැලියම් මෘදු කිරීමෙන් සිනිඳුබවට පත් කිරීමේ ක්‍රමය.
තෙත් බහිනවා
1. ක්‍රි. තෙත්ගතිය ඇති වෙනවා.
2. ක්‍රි. සිහින් සිදුරු අතරින් දිය වෑහෙනවා; දිය කාන්දු වෙනවා.
තෙත්තා
නා. හිතේ මුදු මොළොක් ගතිය ඇත්තා; කරුණාවන්තයා.
තෙත්තියඟ
(කථා.) නා. අං කෙළියේදී අඟේ බැම්ම තදවීමට ගසන කූඤ්ඤය.
තෙත්තියන් කරනවා
(කථා.) ක්‍රි. කිසියම් වැඩක් නුවමනා තරම් ප්‍රමාද කරනවා; නොසැලකිලිමත් ලෙස කරනවා.
තෙත්තියම
1. නා. කියතේ දැතිවල තුඩු එකක් හැර එකක් මාරුවෙන් මාරුවට වමට සහ දකුණට මඳක් නැමී තිබෙන ලෙස සකස් කිරීම.
2. නා. චාටුබස; ප්‍රයෝගය.
තෙත්තුව
නා. අකීකරුකම.
තෙද
1. නා. කිසිවක පවත්නා උණුසුම් ගතිය; පැසවීමේ ශක්තිය; අග්නිය.
2. නා. දිලිසෙන ස්වභාවය; කාන්තිය.
3. නා. තේජස; ප්රතාපය; බලපරාක්‍රමය.
4. නා. ජීවබලය; ජීව ශක්තිය.
5. නා. ශුක්‍ර ධාතුව.
තෙද කළඹ
නා. තේජස් කදම්බය; තේජස් කලාපය.
තෙදකර
නා.ප්‍ර. හිරු; සූර්යයා.
තෙදකි
නා.ප්‍ර. බලය හීනවීම; ප්රතාපය අඩුවීම.
තෙදග
නා.ප්‍ර. ගින්නට සම වූ ප්රතාපය; තේජාග්නිය.
තෙදණ
නා.ප්‍ර. තෙදබලයෙන් යුතු ආඥාව; තේජාඥාව.