තුඹ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඊයම්.
2. නා.ප්‍ර. චෛත්‍යය; ස්තූපය.
3. නා.ප්‍ර. එළවළුවක් වශයෙන් ගැනෙන කුඩා ඵලයක් දරන වැලක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බර ලෝහයක්; ඊයම් (පා. තිපු සං. ත්‍රපු) 2. ඖෂධීය පැළෑටියක් (පා. තුම්බ සං. තුම්බක) 3. චෛත්‍යය, දාගැබ (පා. තුම්බ)