අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 137
තීරණය
නා. නිගමනය; විනිශ්චය; තීන්දුව (පා. තීරණ)
තීර්ථ
නා.ප්‍ර. තොට; තොටුපළ/දෙසැට මිථ්‍යාදෘෂ්ටිය (සං. තීර්ථ)
තීර්ථකයා
නා. දෙසැට මිථ්‍යාදෘෂ්ටිවලින් එකක් පිළිගෙන පැවිදි වූ තැනැත්තා (සං. තීර්ථක)
තීව්ර
වි. තියුණු/ කර්කශ; කටුක (සං. තීව්ර)
තුංග
වි. උස් වූ; ඉහළට නැඟණු; උච්ච (පා. සං. තුඞ්ග)
තුඟු
වි. උස් වූ; ඉහළට ගිය; උත්තුංග (පා. සං. තුඞ්ග)
තුච්ඡ
වි. පහත්; නීච/ නිරර්ථක; නිශ්ඵල (පා. සං. තුච්ඡ)
තුටුපඬුර
නා. තෑග්ග; පරිත්‍යාගය
තුණ්ඩය
නා. කුරුලු හොට (පා. සං. තුණ්ඩ)
තුණ්ඩිල
වි. කටු සහිත; නෙරුණු තුඩක් තිබෙන (පා. සං. තුණ්ඩිල)
තුණ්ඩුව
නා. පණිවිඩ, මිල ගණන් ආදි යම් කිසිවක් සටහන් කළ කුඩා කඩදාසි කැබැල්ල/ සීට්ටුව (දෙ. துண்டு)
තුත්තනාගම්
නා.ප්‍ර. සින්ක් ලෝහය (දෙ. துத்தநாகம்)
තුතිය
නා. ස්තුතිය (පා. ථුති සං. ස්තුති)
තුදුස
නා. එනම් සංඛ්‍යාව; දාහතර
තුනටිය
නා. කොඳු ඇට හා උකුළු ඇටය එක්වුණු සන්ධිස්ථානය
තුනපහ
නා.ප්‍ර. ව්‍යඤ්ජන රසවත් කිරීමට යොදන කුළුබඩු
තුන්කුලුඳුල්
වි. මව, පියා හා දරුවා යන තිදෙනා ම පවුලේ වැඩිමහල් වූ; තුන් වන වරට කුලුඳුල් වූ
තුන්තරාබෝධිය
නා. බුදු, පසේබුදු, මහරහත් යන ත්‍රිවිධ ලෝකෝත්තර තත්ත්වය
තුන්සරණය
නා. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය; තෙරුවන
තුන්හුලස්
වි. දාර තුනක් ඇති; ත්‍රිකෝණාකාර
තුනාකම්
නා.ප්‍ර. ඇඳුම් මැසීම (පා. තුන්නකම්ම)
තුනී
වි. ගනකම නැති; සියුම් (පා. සං. තනුක)
තුනු
1. වි. තුන් ආකාර වූ; ත්‍රිවිධ (පා. තීණි සං. ත්රීණි) 2. තුනී; සිහින් නා.ප්‍ර. ශරීරය (පා. සං. තනු)
තුනුරුවන
නා. තෙරුවන; බුද්ධ, ධම්ම, සංඝ යන රත්න තුන