අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 136

තිදිස

නා. තව්තිසා දෙව්ලොව (සං. ත්‍රිදශ)

තිප්පළ

නා. හැසිරෙන තැන; ඇතැම් සතුන් ලගින තැන

තිප්පිලි

නා.ප්‍ර. ඖෂධීය වැල් විශේෂයක නාමය; වගපුල් (පා. පිප්ඵලී සං. පිප්පලී)

තිමඬුලු

නා.ප්‍ර. දෙදණ හා නාභිය යන තුන් තැන (පා. තිමණ්ඩල)

තිඹ

නා.ප්‍ර. ධාන්‍ය, ජලය ආදිය මනින මිම්මක්/ ලාස් හතරක ප්‍රමාණය (පා. තුම්බ)

තිඹිරි

වි. අඳුරු; අන්ධකාර (සං. තිමිර) නා.ප්‍ර. වියළි කලාපයේ වැවෙන තින්දුක ගස හෝ කළුවර ගස

තියුණු

1. වි. ඉතා සියුම් වූ; තීක්ෂ්ණ වූ/ තද; දැඩි; චණ්ඩ (පා. තිඛිණ සං. තීක්‍ෂණ) 2. කිසියම් ප්‍රමාණයක් මෙන් තුන් ගුණයක් වූ (සං. ත්‍රිගුණ)

තිරච්ඡානගත

වි. තිරිසන් භවයෙහි උපන් (පා. තිරච්ඡානගත)

තිරශ්චීන

වි. පහත් ගති පැවතුම් ඇති; අධම (සං. තිරශ්චීන)

තිරසාර

වි. අතිශයින් ස්ථිර; ඒකාන්ත (පා. ථිරසාර සං. ස්ථිරසාර)

තිර්යක්

වි. හරස්; තිරස් (සං. තිර්යක්)

තිර්යක් රේඛාව

නා. සරල රේඛා දෙකක් හෝ කීපයක් කැපෙන සේ හරස් අතට අඳින සරල රේඛාව

තිරිංගය

නා. වාහනයක් නැවැත්වීමට යොදා ඇති උපාංගය/ පොලු දෙකක් එකට සිරවන සේ යොදන බැම්ම (දෙ. திராங்கு)

තිරිකුණාමලය

නා.ප්‍ර. ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළේ පිහිටි නගරයක නාමය

තිරිවාණ

නා.ප්‍ර. ගල් විශේෂයක්; තිරිවාණා

තිලකය

නා. නළලෙහි තබන සලකුණ/ උපන් ලප විශේෂයක නාමය/ ආභරණ විශේෂයක නාමය (පා. සං. තිලක)

තිලකුණු

නා.ප්‍ර. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණ තුන (පා. තිලක්ඛණ)

තිලෝනා

වි. තුන් ලොවට නායක වූ; ත්‍රෛලෝකනාථ

තිසරණය

නා. බුද්ධ, ධම්ම, සංඝ යන රත්න තුන

තිසුලවි

නා.ප්‍ර. ත්‍රිශූලයක් දරන්නා; ඊශ්වරයා

තිසුල්

නා.ප්‍ර. උල් තුනක් ඇති ආයුධය; ත්‍රිශූලය/ දුෂ්කර පද්‍ය බන්ධන විශේෂයක නාමය (පා. තිසූල සං. ත්‍රිශූල)

තිළිණය

නා. තෑග්ග; තුටු පඬුර

තීක්ෂ්ණ

වි. තියුණු/ වහා වැටහෙන (සං. තීක්‍ෂණ)

තීන්දුව

නා. අවසාන තීරණය