තිරිංගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බැම්මක රැහැන් එකට ඇඹරෙන කරකැවීමෙන් හිර කිරීම සඳහා රැහැන් දෙපොටට හෝ ගැටයට හෝ අතරින් දමා ගන්නා දණ්ඩ.
2. නා. වාහන එන්ජින් ආදියේ ගමන් වේගය හෝ චලනය අඩු කිරීමට හෝ නැවැත්වීමට ඉවහල් වන පරිදි රෝදවලට කෙළින් සම්බන්ධ වන සේ සවිකර ඇති උපකරණය.
3. නා. ලේ ගැලීම වැළැක්වීමට රුධිරනාළ හිර කිරීමට යොදා ගන්නා උපකරණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වාහනයක් නැවැත්වීමට යොදා ඇති උපාංගය/ පොලු දෙකක් එකට සිරවන සේ යොදන බැම්ම (දෙ. திராங்கு)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. brake
2. Med. tourniquet