සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 755
තිර්යක් විඛණ්ඩනය
නා. ඇතැම් ජීවියකු හරස් අතට කැඩී යෑමෙන් සිදු වන අලිංගික ප්‍රජනක ක්‍රමය.
තිර්යග්ගත
වි. තිරිසන ආත්ම භාවයෙහි උපන්; තිරිසන් බවට පැමිණි.
තිරි
1. නා.ප්‍ර. ස්ත්‍රිය; කාන්තාව.
2. නා.ප්‍ර. ඇතිරිය; ඇතිරිල්ල
3. නා.ප්‍ර. හීතණ.
වි. තුන් ආකාර වූ; ත්‍රිවිධ.
තිරිංක බැම්ම
නා. (වෛද්‍ය.) ලේ ගැලීම නතර කිරීමට නහර හිරවන සේ යොදන තිරිංගය.
තිරිංග කඳ
නා. හරස් අත් කියතෙන් දැව ඉරීමේ දී ඒවා හිර කර තබා ගැනීමට යොදා ගන්නා තිරිංගයකින් තද කළ හැකි දැවමුවා උපකරණය.
තිරිංගය
1. නා. බැම්මක රැහැන් එකට ඇඹරෙන කරකැවීමෙන් හිර කිරීම සඳහා රැහැන් දෙපොටට හෝ ගැටයට හෝ අතරින් දමා ගන්නා දණ්ඩ.
2. නා. වාහන එන්ජින් ආදියේ ගමන් වේගය හෝ චලනය අඩු කිරීමට හෝ නැවැත්වීමට ඉවහල් වන පරිදි රෝදවලට කෙළින් සම්බන්ධ වන සේ සවිකර ඇති උපකරණය.
3. නා. ලේ ගැලීම වැළැක්වීමට රුධිරනාළ හිර කිරීමට යොදා ගන්නා උපකරණය.
තිරික්කලය
නා. තනි ගොනකු බඳින බක්කිය රහිත කුඩා කරත්ත විශේෂය.
තිරිඟු
නා.ප්‍ර. ප්‍රධාන වශයෙන් සෞම්‍ය කලාපයේ රටවල වැවෙන ප්‍රධාන ධාන්‍ය වර්ගයක්; ගෝධූම.
තිරිඟුව
නා. මා දැලක ලණු දැල් කොටස සහ නූල් දැල් කොටස එකට සම්බන්ධ කරන ගැටය.
තිරිත්තම
නා. සිරිත් විරිත් පිළිවෙළ; ගැළපෙන විධිය.
තිරිත්තිය
(කථා.) නා. තෘප්තිය.
තිරින්දාදිය
නා. යාඥා කිරීමේ කාලය ඇඟවීමට සවස් කල පල්ලියේ නාද කරන ඝණ්ටාව.
තිරිප්පුව
(කථා.) නා. පිටුපසට හෝ පැත්තට හෝ කරකැවී කෙළින් සිටින සේ ගසන පිනුම.
තිරිමාරුව
(කථා.) නා. මනමාලියකගේ කොණ්ඩයේ ගසන පනාව.
තිරිය
නා. නොවිහිදුණු ළපැටි තේ දලුව; අරම්බුව.
තිරියක්
වි. හරස් අතට පිහිටි; හරස්.
නා.ප්‍ර. තිරිසන් අපාය; තිරිසන් ලෝකය.
තිරිසනා
නා. තිරශ්චිනයා.
තිරිහං
1. වි. තරුණ; ඉලන්දාරි; ගැටවර; යොවුන්.
2. වි. පහත්.
තිරු කරනවා
ක්‍රි. හිර කරනවා; වට කරනවා.
තිරුනූරු අළු
නා.ප්‍ර. ශිව භක්තිකයන් ශුද්ධ වස්තුවක් ලෙස සලකන, නළලේ ගෑම සඳහා ගොම පිලිස්සීමෙන් ලබාගන්නා අළු.
තිරෝකුඩ්ඩ ප්රාතිහාර්යය
නා. බිත්ති පර්වත ආදිය විනිවිද යෑමේ පෙළහර.
තිරෝකුඩ්ඩ සූත්‍රය
නා. ඛුද්දකපාඨයෙහි ඇතුළත් සූත්‍රයක් වන මෙය බුදුරජාණන් වහන්සේ විසින් බිම්බිසාර රජතුමන්ට, මළවුන්ට පින්පෙත් දීම පිළිබඳ කරුණු අන්තර්ගත කොට දේශනා කරන ලද්දකි.
තිරෝධානය
නා. ආවරණය; පියන; වැස්ම; මුවාව.
තිරෝභාවය
නා. මුවහ වීම; නොපෙනී යෑම.