සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 754
තිරවුව
නා. සිහි කල්පනාව; නිනවුව.
තිරශ්චිකාව
(පාරිභා.) නා. පාෂාණයක අවපාතයට සෘජුකෝණික වූ තිරස් දිසාව (=strike).
තිරශ්චීන
නා.ප්ර. කොන්ද තිරස් ව ඇත්තා; හරස් අතට යන්නා; තිරිසනා.
තිරශ්චීන ශාස්ත්රය
නා. බොරු තර්කය පිහිට කොට ඇති ලෝකායත විතණ්ඩ ශාස්ත්රය.
තිරශ්චීනගතයා
නා. තිරිසන් සතෙකු ව උපත ලැබූ සත්ත්වයා; තිරිසනා.
තිරශ්චීනයා
1. නා. තිරිසන් ආත්ම භාවය ලැබූ ප්රාණියා; තිරිසනා.
2. නා. තිරිසනකු මෙන් පහත් ගති පැවතුම් ඇත්තා; අධමයා.
තිරසර
වි. අතිශයින් ස්ථිර; ස්ථිරසාර.
තිරස්
වි. හරස්; හරහට සිටි; පොළොවට සමාන්තර.
නා.ප්ර. අන්තර්ධානය; නොපෙනී යාම; අතුරුදහන් වීම.
තිරස් අක්ෂය
1. නා. ක්ෂිතිජයට සමාන්තර ව විහිදෙන සේ සැලකෙන රේඛාව.
2. නා. ප්රස්තාර ඇඳීමේ දී හරස් අතට අඳින ප්රධාන රේඛාව.
තිරස් ඒකාධිකාරය
නා. එක වර්ගයේ භාණ්ඩ නිපදවන ආයතන කීපයක් සංවිධානය වී හිමි කර ගන්නා තනි අයිතිය.
තිරස් පරාසය
නා. යම් ලක්ෂ්යයක සිට වස්තුවක් ප්රක්ෂේපණය කළ විට ඒ වස්තුව පොළොවට පතිත වන ස්ථානයත් ආරම්භක ස්ථානයත් අතර දුර.
තිරස් රේඛාව
(පාරිභා.) නා. කිසියම් පෘෂ්ඨයක හරස් අතට අඳින ලද රේඛාව; ඇසින් බලන කල අවකාශයෙහි හරස් අතට ඇති සේ සැලකෙන රේඛාව (=horizontal line).
තිරස් ව්යාකෘතිය
(පාරිභා.) නා. චතුරස්රයක් සමාන්තරාස්ර වන්නාසේ වස්තුවක සමාන්තර අංශක සමාන්තර ව තිබියදී හරස් අතට ඇල වී හැඩය වෙනස් වීම (=horizontal shear).
තිරස් විභේදය
(පාරිභා.) නා. පාෂාණ පත්ලෙහි ඇති වන විවිධ පීඩන නිසා තිරස් ව පිහිටි පාෂාණ පෙළක හරස් අතට සිදු වන බිඳුම හෝ පිපිරීම (=tear fault).
තිරස් සංයෝජනය
(පාරිභා.) නා. එක ම කර්මාන්තයේ යෙදී සිටින සමාගම් සමූහයක් අතර ඇති වන ඒකාබද්ධතාව (=horizontal combination).
තිරස් ස්තර
(පාරිභා.) නා.බහු. පාෂාණ ස්කන්ධයක හෙවත් විශාල ගලක සිරස් කැපුමක දක්නට ලැබෙන හරස් අතට විහිද යන ස්තර; පාෂාණ තට්ටු.
තිරස්කඩ
නා. හරස් අතට කැපූ කොටස.
තිරස්කරණීය
1. නා. කඩතුරාව; තිරය.
2. නා. මඩුවක් වටා බැඳි පිට මඩුව.
තිරස්කාරය
නා. නින්දාව; අපහාසය; අවඥාව.
තිරස්කෘත
වි. හරස් කරන ලද; මුවහ කරන ලද.
තිරස්තලය
නා. ක්ෂිතිජයට සමාන්තර ව විහිදෙන සේ සැලකෙන රේඛාව.
තිරසේවායා
නා. සේවය සඳහා බැඳී සිටින යුද සෙබළා.
තිර්යක්
වි. හරස්; ඇල වූ; තිරස්.
නා.ප්ර. තිරිසන් අපාය; තිරිසන් ගතිය; තිරිසන් සත්ත්ව ලෝකය.
තිර්යක් මහාන්ත්රකය
නා. ආමාශයට යටින් උදරයෙහි ඉහළ කොටස හරහට වැටී ඇති මහා බඩවැලේ දෙවැනි කොටස; වෘහන්ත්රය.