සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 756

තිල

1. නා.ප්‍ර. තල නම් ධාන්‍යය.
2. නා.ප්‍ර. ශරීර අභ්‍යන්තරයෙහි අක්මාවට ආසන්න ව පිහිටි අවයවයක්.
3. නා.ප්‍ර. කුඩා ලපය.

තිලක

1. නා.ප්‍ර. ශරීරාලංකාරය සඳහා නළලෙහි තබන වර්ණවත් කුඩා සලකුණ.
2. නා.ප්‍ර. උපන් ලප විශේෂයක්.
3. නා.ප්‍ර. සමෙහි ඇති වන ආබාධයක්.
4. නා.ප්‍ර. ශරීර අභ්‍යන්තරයෙහි පිහිටි දලබුව හෙවත් පූයාශය නම් අවයවය.

තිලකවාදියා

නා. වාද කිරීමෙහි අග තැන්පත් තැනැත්තා.

තිලකා

නා.ප්‍ර. තලතෙල්.

තිලකාභරණය

නා. නළලට ආභරණයක් වශයෙන් තබන තිලකය.

තිලකායමාන

වි. තිලකයක් වැනි වූ; තිලකයක් හා සමාන වූ.

තිලකුණු

නා.බහු. සංස්කාර ධර්මවල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලක්ෂණ තුන.

තිලකුසුම

නා. තලමල; තිලපුෂ්පය.

තිලට

නා.ප්‍ර. තල ඇටයක් හෙවත් වී ඇටයකින් නවයෙන් පංගුවක් පමණ වූ බර ප්‍රමාණය.

තිලවාහය

නා. ගැලකින් ගෙන යා හැකි තල ප්‍රමාණය.

තිල්ල

1. නා. තණ, පුළුන්, ලොම් ආදිය ඇතුළු කොට පිළියෙල කරගත් කොට්ට, මෙට්ට ආදිය.
2. නා. ඇතිරිල්ල.

තිලිඟු

නා.ප්‍ර. (ව්‍යාක.) පුරුෂ, ස්ත්‍රී, නපුංසක යන ලිංග තුන; ලිංගත්‍රය.

තිලිය

1. නා. බඳුන; තලිය.
2. නා. සමාන කිරීම; සැසඳීම.

තිලොව

නා. කාම, රූප, අරූප නොහොත් ස්වර්ග, මර්ත්‍ය, පාතාල යැයි හෝ සත්ත්ව, සංස්කාර, ආකාශ යැයි හෝ දේව, මනුෂ්‍ය, නාග යැයි හැඳින්වෙන තුන්ලොව; ලෝකත්‍රය; ත්‍රිභූවන; තිලෝකය.

තිලෝගුරු

නා.ප්‍ර. තුන් ලොවට ම ඇදුරු වූ බුදුරජාණන් වහන්සේ.

තිලෝතලය

නා. කාම රූප අරූප යන තුන් ලෝකය.

තිලෝනා

නා.ප්‍ර. තුන් ලොවට නායක වූ උත්තමයාණන් වන බුදුරජාණන් වහන්සේ.

තිවංක

වි. වක් තුනක් ඇති; දෙදණ, උකුළ, බෙල්ල යන තුන් තැනින් නැමුණු.

තිවග

1. නා.ප්‍ර. ධර්ම, අර්ථ, කාම යන සම්පත් තුන.
2. නා.ප්‍ර. කරාබු, වසාවාසි, සාදික්කා යන බෙහෙත් ද්‍රව්‍ය තුන.
3. නා.ප්‍ර. ධනය, ස්ත්‍රිය, ධර්මය යන සම්පත් තුන.
4. නා.ප්‍ර. තිදෙනකු ගෙන් යුත් සමූහය; ත්‍රිවර්ගය.

තිවඞ්ගික

1. වි. සිත, කය, වචනය යන අංග තුනෙන් යුත්.
2. වි. පීති, සුඛ, ඒකග්ගතා යන අංග තුනෙන් යුත්.

තිවට

1. නා.ප්‍ර. පැවතුම් තුන; කර්ම, ක්ලේශ, විපාක යන තුන් වටය.
2. නා.ප්‍ර. මහා බ්‍රහ්මයා.
3. නා.ප්‍ර. විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා.

තිවන්

නා.ප්‍ර. වර්ණ තුනක් ඇත්තා හෙවත් ගිරවා.

තිවිජ්ජා

නා.ප්‍ර. පුබ්බේනිවාසානුස්සති, දිබ්බචක්ඛු, ආසවක්ඛය යන ඥාන තුන.

තිවුණු

1. වි. තීක්ෂ්ණ; තියුණු; මුවහත්.
2. වි. බලවත්; දැඩි.