සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 757
තිවෘත්තය
නා. ක්ලේශ, කර්ම, විපාක යන තුන එකිනෙකා ඩැහැ ගනිමින් පරිවර්තනය වීම.
තිෂ්‍ය
1. නා.ප්‍ර. චන්ද්‍ර මාස ක්‍රමය අනු ව අටවෙනි මාසය; දුරුතු මාසය.
2. නා.ප්‍ර. ලෝකය පිළිබඳ වර්තමාන යුගය; කලියුගය.
වි. භාග්‍ය සම්පන්න; වාසනාවන්ත.
තිසක්
1. නා.ප්‍ර. චක්ෂු හෙවත් ඇස් තුනක් ඇති තැනැත්තා; ඊශ්වරයා.
2. නා.ප්‍ර. පාලකයකුට තිබිය යුතු පෞද්ගලික ශක්තිය, අණසක පැවැත්වීමේ ශක්තිය හා දඬුවම් පැමිණවීමේ ශක්තිය යන ත්‍රිවිධ ශක්තිය.
තිසමුට්ඨානක
වි. චිත්ත, ඍතු, ආහාර යන හේතු තුනෙන් උපන්.
තිසර
1. නා.ප්‍ර. තුන් පටකින් යුතු මුතු වැළ.
2. නා.ප්‍ර. ශ්වේත හෙවත් සුදු හංසයා.
වි. උතුම්; ශ්‍රේෂ්ඨ; උසස්.
තිසරඟන
නා. ශ්වේත හංස ධේනුව.
තිසරණ
නා.ප්‍ර. බුද්ධ, ධම්ම, සංඝ යන රත්න තුන; තෙරුවන; තුන්සරණය.
තිසරපට
1. නා. තුන්පටකින් යුත් මුතුමාලය; හංස පේළියකින් යුත් මාලය.
2. නා. හංස රූප සහිත අලංකාර රෙදිකඩ.
තිසලාදුව
(කථා.) නා. උඩඟුව; අහංකාර.
තිස් ඇඳිරිය
(කථා.) නා. තිස් අවුරුදු වයසෙහිදී ඇස්වල ඇතිවන පෙනීමේ දුර්වලකම.
තිස්පැය
නා. සිංහල පැය ගණන අනු ව පැය තිහක කාලය; දවසින් අර්ධයක්.
තිස්මැඬිල්ල
නා. භික්ෂුවරයකුගේ සිවුරක කඩ හෙවත් කොටස්.
තිසැරුම
(කථා.) නා. ක්ලාන්තය; විඩාව; අධික වෙහෙස.
තිසුම්
නා.ප්‍ර. සතුට; සන්තෝෂය.
තිසුලත්
නා.ප්‍ර. ත්රිශුලායුධයක් අතෙහි ඇත්තා හෙවත් ඊශ්වරයා; ශිව.
තිසුල්
1. නා.ප්‍ර. උල් තුන.
2. නා.ප්‍ර. උල් තුන ඇති ආයුධය; ත්‍රිශූලය.
3. නා.ප්‍ර. පද්‍ය පාදයක අක්ෂර ත්‍රිශූලය රූප සටහන අනුව යෙදිය හැකි යමක විශේෂය.
තිහිණි
වි. තීක්ෂ්ණ.
තිහිරි
වි. පට; කෞශේය.
නා.ප්‍ර. තිරීටක හෙවත් රිටි ගසෙහි කෙඳි හෝ පට්ටා; රිටි සුඹුළු.
තිහිරිපක්
නා.ප්‍ර. පට පණුවන් විසින් තනනු ලබන කෝෂය; කෘමි කෝෂය.
තිහිරිපිළි
නා.ප්‍ර. පට නූලෙන් වියූ රෙදි; කොසෙය්ය වස්ත්‍ර.
තිහේතුක
වි. අලෝභ, අදෝස, අමෝහ යන කුසල මුල් තුනෙන් යුක්ත වූ.
තිළි
නා.ප්‍ර. සතුට; සන්තෝෂය.
තිළිණය
නා. තෑග්ග; ත්‍යාගය; පරිත්‍යාගය.
තිළිය
1. නා. ඇඳ පුටු ආදිය මත අතුරන පිළිය; ඇතිරිය; ආස්තරණය.
2. නා. මෙට්ටය; ගුදිරිය; කූලිච්චම.