තීර්ථ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගංගා ඇළ දොළ ආදියෙන් එගොඩ මෙගොඩ වන ස්ථානය; තොට; තොටුපළ.
2. නා.ප්‍ර. දෙසැට මිථ්‍යා දෘෂ්ටිය.
3. නා.ප්‍ර. කෙත; කුඹුර.
4. නා.ප්‍ර. ශාස්ත්‍රය.
5. නා.ප්‍ර. උපාය.
6. නා.ප්‍ර. ඍෂීන් සේවනය කළ ජලය.
7. නා.ප්‍ර. (බ්‍රාහ්මණයන්ගේ පාප ප්‍රවාහය කරන) පවිත්‍ර ස්ථානය.
8. නා.ප්‍ර. උපාධ්‍යායයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. තොට; තොටුපළ/දෙසැට මිථ්‍යාදෘෂ්ටිය (සං. තීර්ථ)