තුනු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ඝනකමින් අඩු; තුනී.
2. වි. තුන් ආකාර.
3. වි. උසින් අඩු; මිටි; කුඩා.
4. වි. මහතින් අඩු; සිහින්; කෙට්ටු.
1. නා.ප්ර. කුඩා දෙය; සියුම් දෙය.
2. නා.ප්ර. ඇඟ; සිරුර.
3. නා.ප්ර. තුන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. වි. තුන් ආකාර වූ; ත්රිවිධ (පා. තීණි සං. ත්රීණි) 2. තුනී; සිහින් නා.ප්ර. ශරීරය (පා. සං. තනු)