සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 778

තේත්තම්

නා.ප්‍ර. උපස්ථානය; උවටැන; සාත්තුව.

තේන්

1. නා.ප්‍ර. තේ කොළවල ඇති උත්තේජන පදාර්ථය.
2. නා.ප්‍ර. මීපැණි.

තේන්දය

1. නා. ඇඳක උඩුවියන.
2. නා. ගැල් අඹරාව.

තේමාව

1. නා. මාතෘකාව; විෂයය.
2. නා. ප්‍රකෘතිය; ධාතුව.

තේරවිල්ල

නා. සැගවුණු අරුත් ඇති කියමන; ප්‍රහේළිකාව.

තේරස

නා.ප්‍ර. දහතුන; තෙළෙස.

තේරීම් කාරක සභාව සභාව

නා. පාර්ලිමේන්තු සභා වාරයක දී මතුවන විශේෂ කරුණක් පිළිබඳව පරික්ෂා කොට වාර්තා කිරීමට පාර්ලිමේන්තුව මගින් පත් කෙරෙන විශේෂ කාරක සභාව.

තේරීම්භාර නිලධාරියා

නා. ඡන්ද විමසීම් හා ඡන්දයෙන් අපේක්ෂකයන් තෝරා ගැනීමේ කටයුතු භාර නිලධාරියා; මැතිවරණ නිලධාරියා.

තේරෙනවා

ක්‍රි. වැටහෙනවා; අවබෝධ වෙනවා.

තේවය

නා. ආගමික ස්ථානවල කරනු ලබන පූජා වත්පිළිවෙත්; තේවාව.

තේසවලමායි

නා.ප්‍ර. යාපන අර්ධද්වීපයේ ද්‍රවිඩ ජනයාගේ පාරම්පරික සිරිත් විරිත් අනු ව පිළියෙල වූ නීතිමාලාව.

තෛරොක්සින්

නා.ප්‍ර. තෛයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිකුත්වන හෝමෝනය.

තෛරොයිඩ් ග්‍රන්ථිය

නා. කොඳු ඇට සහිත සතුන්ගේ (උගුරේ ශ්වාසනාලයේ) ගෙලෙහි පිහිටා ඇති අන්තරාස්‍රාවී ග්‍රන්ථිය.

තෛල ග්‍රන්ථිය

1. (පාරිභා.) නා. චර්මයෙහි කෝරියාව තුළ කේශදෘතිකාවලට සම්බන්ධ වී පිහිටි ස්නේහස්‍රාවී පොකුරු ග්‍රන්ථිවලින් එකක්.
2. තෙල් ස්‍රාවය සඳහා පක්ෂීන්ගේ පෙඳය මුල පිහිටි ග්‍රන්ථියක්.

තෛලය

1. නා. ඇට, ගෙඩි, කොළ, පොතු වර්ග හා කිරි වර්ගවලින් සිඳ ගන්නා තෙල්.
2. නා. ඖෂධ මිශ්‍ර කොට විවිධ රෝගාබාධ සඳහා තනා ගන්නා තෙල්.
3. නා. සත්ත්ව ශරීරයේ ඇති තෙල; මේදය

තෛලහාරකය

නා. (පාරිභා.) යාන්ත්‍රික කොටස් ආදියෙහි බැඳෙන ග්‍රීස් සහ ආගන්තුක ද්‍රව්‍ය වාෂ්පිකෘත හෝ අන් ද්‍රාවණ මගින් පවිත්‍රීකරණය සඳහා යොදන යන්ත්‍රය.

තෛලෝදය

(පාරිභා.) නා. එකට මිශ්‍ර නොවන ද්‍රව දෙකක් එකට කැලතීමෙන් ලැබෙන අපකිරණ පද්ධතිය; එමල්ෂන්.

තෛෂ

නා.ප්‍ර. දෙසැම්බර් ජනවාරි මාස දෙකට ඇතුළත් වන චන්ද්‍ර මාසය; දුරුතු මස.

තො

සර්ව. ‘ත’ ශබ්දයෙහි ප්‍රථමා විභක්ති ඒකවචන රූපය.
1. නා.ප්‍ර. වියෙහි පොත්ත; වී පොත්ත; දහයියා.
2. නා.ප්‍ර. දිය; කොය.

තො කෙළිය

නා. දියකෙළිය; ජල ක්‍රීඩාව.

තො පෙට්ටිය

නා. කුරුල්ලන්ගේ වාසය සඳහා තබන දහයියා ආදිය දැමූ පක්ෂි කූඩු විශේෂයක්.

තොංගල

(කථා.) නා. කොන; කෙළවර; අග්ගිස්ස.

තොක

නා.ප්‍ර. ගස්වැල් ආදියෙහි පොත්ත; සුඹුල; සිවිය.

තොකන්දුව

නා. හදිස්සිය; කරදරය; ඇබැද්දිය.