දිග්ගහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ලෝහ ආදිය තැළීමෙන් දිග වැඩි කරනවා.
2. ක්‍රි. එකට ඈඳීමෙන් දිග වැඩි කරනවා.
3. ක්‍රි. ඕනෑවට වඩා කාලය ගත කරනවා; අතපසු කරනවා.
4. ක්‍රි. වෛරය, අමනාපය ආදිය නොනවත්වා ඉදිරියටත් පවත්වා ගෙන යනවා.
5. ක්‍රි. රෙදි විවීමේ දී දික් නූල් යොදනවා; හැදලනවා.
6. ක්‍රි. රෙදි විවීමේ දී නූල් කැරැල්ල තාවකාලික ව කෝටු රාමුවක යොදනවා.
7. ක්‍රි. අකුළා තිබෙන යමක් දිග හරිනවා.