සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 825
දිගන
1. (කථා.) නා. පළලට වඩා දිගින් වැඩි භූමිය.
2. නා. සෙක්කු කඳ, නඟුල් වියගහ ආදි දේ සඳහා ගන්නා දිග ලීය; පතල්වල දිග අතට යොදන මුක්කු ලීය; ලී ඉරන පට්ටලයක දික් අතට දාන ලීය.
දිගන්තය
නා. දිශා කෙළවර.
දිගන්තර
1. නා.ප්‍ර. උතුරු නැගෙනහිරාදි වශයෙන් ගැනෙන විවිධ දිශා.
2. නා.ප්‍ර. අන්‍ය දිශාව; විදේශය.
දිගන්තරයා
(කථා.) නා. පිටස්තරයා; පිට පළාතකින් ආ තැනැත්තා.
දිගන්තරාලය
නා. පුළුල් ව පැතිරී ගිය අවකාශය.
දිගනා
නා. සාමාන්‍ය උසට වඩා වැඩි උසක් ඇති තැනැත්තා; උස මිනිහා.
දිගම්බර
නා.ප්‍ර. ජෛන නිකාය දෙකෙන් එකක නාමය; පිළී නොහඳින නිකාය.
දිගවෙලුව
නා. ගවයන් බඳින දිග රැහැන හෙවත් කඹය.
දිග් දර්ශකය
නා. දිශා දක්වන උපකරණය; මාලිමා යන්ත්‍රය; කොම්පාසුව.
දිග් භාගය
නා. දිශාව; දිශාභාගය.
දිග් මැඩිල්ල
(කථා.) නා. සිවුරක කඩ අතුරෙන් වඩා දික් වූ ද උස් වූ ද රෙදි කැබැල්ල; මහමැඩිල්ල.
දිග්ගස්සනවා
1. ක්‍රි. ලෝහ ආදිය තැළීමෙන් දිග වැඩි කරනවා.
2. ක්‍රි. එකට ඈඳීමෙන් දිග වැඩි කරනවා.
3. ක්‍රි. ඕනෑවට වඩා කාලය ගත කරනවා; අතපසු කරනවා.
4. ක්‍රි. වෛරය, අමනාපය ආදිය නොනවත්වා ඉදිරියටත් පවත්වා ගෙන යනවා.
5. ක්‍රි. රෙදි විවීමේ දී දික් නූල් යොදනවා; හැදලනවා.
6. ක්‍රි. රෙදි විවීමේ දී නූල් කැරැල්ල තාවකාලික ව කෝටු රාමුවක යොදනවා.
7. ක්‍රි. අකුළා තිබෙන යමක් දිග හරිනවා.
දිග්ගෙය
නා. දිනපතා තේවා වශයෙන් නැටුම් ගැයුම් ආදිය පැවැත්වීමට දේවාලවල ඉදිරිපිට තනා ඇති දිග ශාලාව; ද්වාර මණ්ඩපය.
දිග්දර්ශක පත්‍රය
නා. මාලිමා යන්ත්‍රයක කාන්දම් කටුවට යටින් අලවා තිබෙන දිශා සටහන් පත්‍රය; කොම්පාසු පත්‍රය.
දිග්දැහැ
නා.ප්‍ර. සර්පයා; උරගයා.
දිග්ධ
වි. ආලේප කළ; ගෑ; මිශ්‍ර කළ.
දිග්වලය
නා. සියලු අවකාශය; මුළු වටපිටාව; මුළුලොව; සියලු පරිසරය.
දිග්විජය
නා.ප්‍ර. යුද්ධ කොට නොයෙක් දිශා ජය ගැනීම; රටවල් ජය ගැනීම.
දිගා
වි. දිග; දික් වූ; දීර්ඝ.
1. නා.ප්‍ර. බොහෝ වූ ආයුෂ; දීර්ඝායුෂ.
2. නා.ප්‍ර. බොහෝ වූ ආයුෂ ඇති තැනැත්තා; දීර්ඝායුෂ ඇත්තා.
3. (කථා.) නා.ප්‍ර. බොහෝ සිහින් වූත්, කෙට්ටු වූත් තැනැත්තා; දිගුල්ලා.
දිගා කරනවා
1. ක්‍රි. බොහෝ වූ ආයුෂ ඇති කරනවා; දීර්ඝායුෂ ලබා දෙනවා.
2. ක්‍රි. ශරීරය කෙළින් තබා ගෙන වැතිර ගැනීමට සලස්වනවා.
දිගා-දිප්පනේ යනවා
ක්‍රි. (රහස් ඖෂධයක් වැනි දෙයක්) කෙනෙකුගෙන් තවත් කෙනෙකුට යෑමෙන් ප්‍රකට වෙනවා.
දිගාපතේ යනවා
(කථා.) ක්‍රි. (ධීව.) අයහපත් කාලගුණය ආදිය නිසා ධීවරයන් කිසිදු පරිසර සලකුණක් නොදැක නොමඟ යනවා.
දිගායු
නා.ප්‍ර. බොහෝ වූ ආයුෂ; දීර්ඝායුෂ.
දිගාසිරි
නා.ප්‍ර. දීර්ඝායු සම්පත; දීර්ඝායුශ්රිය.