දිය කපනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. වතුර දෙබෑ කරනවා; ඇසළ පෙරහැර ආදි මහා පූජා උත්සවයක් අවසානයෙහි එහි විශේෂ අංගයක් වශයෙන් කඩුවෙන් ගසා ගඟ දිය දෙපලු කොට එතැනින් ජලය බඳුනකට ලබා ගන්නවා.
2. ක්‍රි. එක් කුඹුරකට යන ජලය තවත් කුඹුරකට හරවා ගන්නවා; වතුර කඩා ගන්නවා.
3. ක්‍රි. පසට වතුර උරාගැනීමට සලස්වනවා; දිය කාවද්දනවා.