සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 829
දිනේන්ද්රයා
නා. දිනයට අධිපතියා; සූර්යයා; හිරු.
දිනෝදය
නා. දවසෙහි ආරම්භය; අලුයම; පාන්දර.
දිප
1. නා. ජලයෙන් වට වූ ගොඩබිම; දිවයින; දූපත.
2. නා. දීප්තිය; බැබළීම.
දිපදුත්තම
නා.ප්‍ර. දෙපා ඇත්තවුන් අතර උත්තමයා; එනම්, මනුෂ්‍යයන් අතර ශ්‍රේෂ්ඨ වූ බුදුන්වහන්සේ.
දිබ්බ
වි. දෙවියන් පිළිබඳ වූ; දෙවියන් සතු වූ; දිව්‍යමය වූ.
දිබ්බ චක්ඛු ඤාණය
නා. (අභි.) භාවනා බලයෙන් උපදවා ගත් දිව්‍යමය ප්‍රඥා චක්ෂුසය; දිව ඇස; ඉතා දුර වූ ද ඉතා සූක්ෂ්ම වූ ද රූප දිවසින් දක්නා නුවණ.
දිබ්බාගය
(කථා.) නා. දිසාව; දිසාභාගය.
දිබ්බාගෙය
1. නා. දෙවියන් වැඩ වසන ගෙය.
2. නා. දෙවියන් උදෙසා පිළියෙල කළ මල් අසුන; දේව පූජාසනය.
දිමුත
වි. බැබළෙන සුලු; දිලිසෙන ගතියෙන් යුත්; දීප්තිමත්.
දිඹිලි
1. නා.ප්‍ර. දුම්පැහැය; ධූම වර්ණය.
2. නා.ප්‍ර. මඳ කසාවන් පැහැය; දුනුකේ මල් රොන් පාට.
දිය
1. නා.ප්‍ර. ජලය; වතුර; පැන්; සිලිල්.
2. නා.ප්‍ර. කඳුළු.
3. නා.ප්‍ර. මූත්‍ර; සුළුදිය.
4. නා.ප්‍ර. ලෝකය; දියත.
5. නා.ප්‍ර. දුන්නෙහි ලණුව; දුනුදිය.
6. නා.ප්‍ර. ජය; දිනුම.
7. නා.ප්‍ර. දෑවැද්ද; දායාදය.
වි. දෙවැනි; ද්විතීය.
දිය අග
නා. ලොව කෙළවර; ලෝකාන්තය.
දිය අත
1. නා. දිය කෙළවර; ජල කෙළවර.
2. නා. දිය ගමන් කරන දිසාව; සාගර ජලය ගමන් කරන පැත්ත.
3. නා. ලෝකාන්තය.
දිය අත පායනවා
(කථා.) ක්‍රි. මූදු පත්ල පැහැදිලි ව පෙනෙනවා; මූදු දිය නිශ්චල ව තිබෙනවා.
දිය ආර
(පාරිභා.) නා.ප්‍ර. (භූගෝ.) ගිරි කඳුරක සිට ගලා බස්නා වූ දිය පාර (=flume).
දිය ඇල්ල
නා. කඳු පර්වත මුදුනින් ගලා හැලෙන දිය පාර.
දිය ඇස
1. නා. ලොවට ඇසක් වූ සූර්යයා; හිරු.
2. නා. ලොවට ඇසක් වූ බුදුරජ නොහොත් බෝධි සත්ත්ව.
දිය ඔරුව
1. නා. ජලය රැස් කර තැබීමට සෑදූ ඔරුවක හැඩය ඇති භාජනය; නෑම සඳහා වතුර පුරවා තබන භාජන විශේෂයක්.
2. නා. රසායනාගාර උපකරණයක්; ජල උෂ්ණකය.
දිය කච්චිය
නා. දිය රෙද්ද; පැරැන්නන්ගේ යට ඇඳුමක්.
දිය කඩනවා
(කථා.) ක්‍රි. කුඹුරේ වතුර බස්සනවා.
දිය කඩිත්ත
නා. දිය රැඳී තිබෙන කුඩා නොගැඹුරු වළ; කුඩා මඩ වගුර.
දිය කපනවා
1. ක්‍රි. වතුර දෙබෑ කරනවා; ඇසළ පෙරහැර ආදි මහා පූජා උත්සවයක් අවසානයෙහි එහි විශේෂ අංගයක් වශයෙන් කඩුවෙන් ගසා ගඟ දිය දෙපලු කොට එතැනින් ජලය බඳුනකට ලබා ගන්නවා.
2. ක්‍රි. එක් කුඹුරකට යන ජලය තවත් කුඹුරකට හරවා ගන්නවා; වතුර කඩා ගන්නවා.
3. ක්‍රි. පසට වතුර උරාගැනීමට සලස්වනවා; දිය කාවද්දනවා.
දිය කපොල්ල
නා. ගංගා ජලය බැස යන විවරය.
දිය කරනවා
1. ක්‍රි. දියාරු කරනවා; ඝනත්වයට පත් වූවක් දිය වෙන්නට සලස්වනවා; ඝනකම අඩු කරනවා; ද්‍රව කරනවා.
2. ක්‍රි. (රූඪි.) නාස්ති කර දමනවා; විනාශ කර දමනවා.