සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 830
දිය කෙළිය
නා. උත්සවයක් වශයෙන් ගඟක හෝ පොකුණක දියට බැස පිහිනීම් ආදි වශයෙන් කරන ජල ක්රීඩාව; දිය කෙළීම.
දිය ගහනවා
ක්රි. වතුර ඉසිනවා; ජලය යොදනවා.
දිය ගිල්ම
නා. ජලාශයක ජලය පිරුණු විට යටවන බිම් ප්රදේශය.
දිය ඩොහරේ
(කථා.) නා. සතුන් බිය වැද්දීම සඳහා කුඹුරේ අටවන උණ ලීයෙන් සෑදූ උපකරණයක්; දිය හොල්මන.
දිය තුවක්කුව
නා. වේගයෙන් දිය විදින යන්ත්රය.
දිය දැකීම
නා. ප්රතිමාවක නේත්ර ප්රතිෂ්ඨාපනයෙන් පසු ශිල්පියා පළමුවරට (කොරහක දැමූ) ජලය දෙස බැලීමේ චාරිත්රය.
දිය දෙව්
නා.ප්ර. ජලයට අධිපති දෙවියා; වරුණ.
දිය නමනවා
1. (කථා.) ක්රි. ජලය වත් කරනවා; භාජනයක ඇති දිය ඉන් පිටතට ඇළ කරනවා.
2. ක්රි. කුඹුරු ආදියට ඇළ වේලි මගින් දිය හරවනවා; දිය පාරක් කැමැති තැනකට ගෙන යනවා.
දිය නයා
නා. දියෙහි වසන විස රහිත සර්පයෙක්; දියබරියා.
දිය නලය
නා. තැනකින් තැනකට දිය ගමන් කරවන බටය; ජලනලය.
දිය නිපාතය
නා. පසට දිය උරා ගැනීම.
දිය නියමුවා
නා. අතීතයේ වැව්වලින් කෙත්වලට දිය බෙදා හැරීමේ කාර්ය භාර ව සිටි නිලධාරියා.
දිය පහරනවා
ක්රි. වතුර පෙරනවා.
දිය පෑතැටිය
නා. පුරාණයේ වේලාව මැන ගැනීමට ඉවහල් වූ උපකරණයක්.
දිය පීරනවා
1. ක්රි. ජලය දෙපසට කර බලනවා; දිය පාදා සෝදිසි කරනවා.
2. ක්රි. ජලය දෙබෑ කරනවා.
දිය පොම්පය
නා. ජලය ඉහළට ඇද හා පිට කිරීම සඳහා භාවිත කරන නළ සහිත යන්ත්රය.
දිය පොරය
1. (කථා.) නා. දියේ බැස ක්රීඩාවක් වශයෙන් පොර බැඳීම.
2. නා. දියේ අයිතිය සඳහා සටන් කිරීම.
දිය බල්ලා
නා. මිරිදිය ආශ්රය කොට ජීවත්වන ලොම් සහිත මාංස භක්ෂක ක්ෂීරපායි සතෙක්.
දිය බා වෙනවා
ක්රි. ජලයට ගොදුරු වෙනවා; දියබත් වෙනවා; කිඳෙනවා.
දිය බුබුළ
1. නා. වතුර යට සිට අර්ධ ගෝලාකාර හැඩයෙන් යුක්ත ව ඉහළට නැගී මතු පිට කරා නැඟ එන වායු පිණ්ඩය; පෙණ බුබුළ.
2. නා. පොළොව යටින් දිය මතුවන ස්ථානය; උල්පත.
3. නා. සිරුරේ හම මතුපිට හටගන්නා වූ ගඩු විශේෂයක්.
දිය මඩිත්ත
නා. මඩදිය; බොරදිය.
දිය මලාව
නා. දියබඳුන; වතුර භාජනය.
දිය මැස්ස
1. නා. වතුර කළ ආදිය තබන මැස්ස.
2. නා. වළං ආදියෙහි වතුර බේරෙන්නට නමා තැබීමට සඳහා තනන ලද මැස්ස.
දිය මිදෙනවා
ක්රි. අධික ශීතලෙන් ජලය කැටි වෙනවා; ජලය හිම බවට පත් වෙනවා.