සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 831

දිය මොල්ලි

(කථා.) නා.ප්‍ර. ජලාශයක මතු තලය මත (වායු පීඩනය නිසා) තැනින් තැන උස් ව නැඟී සිටින දිය බුබුළු.

දිය මෝලන් කනවා

(කථා.) ක්‍රි. යමක් බොහෝ සේ තෙත් ව පැවතීමෙන් දිරාපත් වෙනවා.

දිය යතුර

1. නා. ජල යන්ත්‍රය; දිය ඉසීම කරන උපකරණය.
2. නා. ජල යාත්‍රාව; දියෙහි ගමන් කරන යානය.
3. නා. දියෙහි නෑම.

දිය රෙද්ද

(කථා.) නා. නෑම හා ඇග සේදීම සඳහා අඳින වස්ත්‍රය; (වෙසෙසින් කාන්තාවන්) දියට අඳින රෙදි කඩ.

දිය රෝදය

නා. යන්ත්‍ර ක්‍රියා කරවීමේ බලය ලබා ගැනීම සඳහා වේගවත් ජල පාරකට සවි කළ රෝදය; ජල චක්‍රය; තල බමනය.

දිය ලබුව

නා. මේරූ ලබු ගෙඩියේ කට්ටෙන් තනාගත් භාජනය; ලබු කැටය.

දිය වක

නා. චන්ද්‍ර මාස ක්‍රමය අනු පුරපක්ෂයෙහි හෝ අවපක්ෂයෙහි දෙවන දිනය; චන්ද්‍රයාගේ දෙවැනි කලාව පැමිණි දිනය.

දිය වඩනවා

ක්‍රි. (කෙණ්ඩියෙන්) පැන් ඉසිනවා/ වත් කරනවා; පැන් වඩනවා.

දිය වැසිකිළිය

(පාරිභා.) නා. ජල පහරකින් මල ගසා ගෙන යන පරිදි සාදන ලද වැසිකිළිය (=water closet).

දිය වෑහීම

නා. නාසයෙන් දිය මෙන් සොටු ශ්ලේෂ්මල වහනය වීම හෝ ඇසින් දිය මෙන් කඳුළු යෑම.

දිය සලකුණ

(පාරිභා.) නා. ඇතැම් කඩදාසි වර්ග සහ මුදල් නෝට්ටු ආදිය ආලෝකය දෙසට අල්ලා බැලූ කල පෙනෙන සේ යොදා ඇති ලකුණ; ජල ලකුණ (=watermark).

දිය සලනවා

ක්‍රි. මූත්‍ර වගුරනවා; මූත්‍ර කරනවා.

දිය සළාව

නා. ජලය එක තැන වේගයෙන් කරකැවීම නිසා ඇති වන සුළිය; දිය සුළිය.

දිය සීරාව

නා. දියර ගතිය; තෙත් බව, තෙතමනය.

දිය සීරාවරණය

(පාරිභා.) නා. (බිත්ති ආදියට) තෙතමන උරාගැනීම වැළැක්වීම සඳහා අත්තිවාරම මත අතුරන සිමෙන්ති බදාම තට්ටුව. (=damp proof course).

දිය සෙවෙල

නා. ඇල්ගී පැළෑටි විශේෂයක්; ශෛවාල; දිය හවරිය.

දිය හිමියා

1. නා. ලොවට ස්වාමි වූ බුදුන්වහන්සේ.
2. නා. රජ; මිහිපල්.

දිය හුන්නත

නා. ඔයට/ඇළට හෝ වැවට උඩුපැත්තේ පිහිටි ඉඩම; වැවට ජලය වැටෙන පැත්තේ ඇති ඉඩම.

දියඅළුව

[දිය + අළුව]
1. (කථා.) නා. ජලය ඉවත ලන හැඳි විශේෂයක්; කුඩා ජල යාත්‍රාවක් ඇතුළට වැදුණු ජලය ඉවත් කිරීමට ලීයෙන් ලීයෙන් සෑදූ කුඩා උපකරණය.
2. නා. ඇත් දත් ආදිය ලියන පට්ටලයෙහි ලා කරනු ලබන ඉතා පහසු කැපුම.

දියකටාර

නා.ප්‍ර. වැසි ජලය ලෙනක් ඇතුළට රූරා නොඑන ලෙස එහි මහල අද්දර දිගට කපන කානුව; කටාරම.

දියකඩ

1. නා. ජලය රැඳුණු තැන; වතුරකඩ.
2. නා. ජලයෙන් තෙත් කළ රෙදි කැබැල්ල.

දියකඩනය

නා. දිය පහර කඩන බැම්ම; මුහුදින් එන රළ වේගය වැළැක්වීම හෝ අඩු කිරීම සඳහා වරායක් වැනි තැනක බැඳි බැම්ම.

දියකඳ

නා. එක්තැන් ව පිහිටි මහත් ජල රාශිය; ජලස්කන්ධය.

දියකඳුර

නා. කඳු අතරින් ගලා බසින දිය පහර; කන්දකින් රූරා වැටෙන කුඩා ඔය.