අළුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආළකය; ඇතුන් බඳින ටැඹ.
2. නා. ඇඳ කකුල්වලට තබන ලී ආධාරය.
3. නා. හැඳි එල්ලා තැබීමට තනා ඇති රාමුව; හැඳි අළුව.
4. නා. රෙදි වියන යන්ත්‍රයේ හරස් නූල් තද කරන උපකරණය; රෙදි වියන යන්ත්‍රය.
5. නා. පොරෝ ආදියෙන් ගස් කැපීමේ දී ඇදේට කරන කැපුම.
6. නා. තත් සහිත සංගීත භාණ්ඩයක් වාදනය සඳහා ගැනෙන දුන්න.
7. නා. ආකාරය; අන්දම.
8. නා. රැහැන් ආදියෙන් තර කොට බැඳීම නිසා ශරීරයෙහි ඇති වන බැමි සටහන.
9. නා. ඇටයක පියල්ල; බීජ පියල්ල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇඳ කකුල්වලට තබන ලී ආධාරකය/ගස් කැපීමේ දී ඇදයට කරන කැපුම/හැඳි ගසා තැබීමට පන් ආදියෙන් කරන රාමුව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. form
2. n. manner
3. n. mode
4. n. pattern